Breaking
5 Feb 2025, Wed

රාජිත බොරු කියන විදියට මිනිස්සු කැබිනට් තින්දු පිළිගන්න නැති වෙනවා -මෛත්‍රී

තමන් කිසිම දිනක රාජිත සේනාරත්න සමග මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය තබා නාමයෝජනාවත් ලබා දිය නොහැකි බව තමන් කිසිවිටක නොපැවසු බවත් අඩුම තරමෙ  රාජිත සේනාරත්න තමන්ට  මුණ නොගැසුණු බවද ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.අද සවස ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සම්බන්ධීකරණය කටයුතු සඳහා පත් කළ නිදහස් පක්ෂ සය පුද්ගල කමිටුව මුණ ගැසුනු අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මෙම ප්‍රකාශය කර තිබේ.

“මමත් දැක්කා..ඔය කතාව…මට තියෙන ප්‍රශ්ණේ මේ මිනිහා කැබිනට් තිරණ කියන්න ගිහින් මේ වගේ බොරු කිව්වාම මිනිස්සු කැබිනට් තින්දු පිළිගන්න එකක් නෑ…. යනුවෙන් ජනපතිවරයා පැවසු බව කමිටුව නියෝජනය කරන මන්ත්‍රිවරයෙකු පවසා සිටියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කළේ පෙරේදා දිනයේදී මෙම කමිටුව ජනාධිපතිවරයා මුණ ගැසුණු බවයි. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අගමැති ධුර අපේක්ෂකත්වය, ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් හෝ නාමයෝජනා ලබා නොදෙන බවට ජනාධිපතිවරයා අදාළ කමිටුවට දැනුම් දුන් බවයි.

මේ අතර ඊයේ කැබිනට්ටුව තුල තමන් කල ප්‍රකාශය සම්බන්ධයෙන් LNW  විශේෂ වාර්තාකරු රාජිතගෙන් කල විමසිමකදි රාජිත පවසා ඇත්තේ තමන් කිව්වේ සිරිසේන ජනපති තමන්ට කිවු දේ බවයි.

“මම කිව්වේ සිරිසේන කියන්න කිව්ව දේ…වෙන් බම්බුවක් මම දන්නේ නෑ …..”

උපුටා ගැන්ම කියවන්න – රනිල්ට ඔනෑ විදියේ කටක් තියෙන එකෙකු කියන කතා ගණන් ගන්න එපා…මම කිව්වෙ සිරිසේන කියපු දේ -රාජිත

මේ අතර අදාළ අසත්‍ය ප්‍රකාශ සිදුකළ රාජිත සේනාරත්න ඇමතිවරයාට එරෙහිව ජනාධිපතිවරයා වහා විනය පියවර ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු භාණ්ඩාගාරිකවරයා මෙන්ම වර්තමානයේ මධ්‍යම කාරක සභිකයෙකු ද වන හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද මාධ්‍ය හමුවේ අවධාරණය කලා.

රාජිත සේනාරත්න මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදිමට සුදානමින් සිටින බව අප අවස්ථා කිහිපයකදිම අනාවරණය කළා.

නමුත් මෛත්‍රීපාල සිරිසේන යනු හිවලෙකුට වඩා කපටියෙකු බව අප තරයෙම ඔබට කියා සිටිමු.එම නිසා රහසේ නොව ප්‍රසිද්ධ මාධ්‍ය හරහා රටේ ජනතාවට ඇත්ත කියා සිටිය යුතුය.එවිට ඇත්ත කියන්නේ මෛත්‍රීද? රාජිතද? යන්න ජනතාව අතර හෙලිවනු  ඇත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.