Breaking
24 Feb 2025, Mon

උතුරේ බල අරගලයක්! සෙල්වරාසා ගජේන්ද්‍රන් ඝාතන සැලැස්මක්!

උතුරේ ඊළාම් රාජ්‍ය පිහිටුවිමට කොටි හිතවාදින් අතර තරගයක් ඇතිවි තිබෙන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරයි.දෙමළ ජාතික සංවිධානය සහ දෙමළ ජාතික ජනතා පෙරමුණ අතර බරපත්ල ලෙස මෙම අර්බුදය උත්සන්න වෙමින් තිබේන අතර එම අර්බුදය උග්‍ර අතට හැරෙමින් පවතින අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් ඊයේ රාත්‍රියේ ඝාතනය කිරිමටද උත්සහ දරා තිබේ.

සෙල්වරාසා ගජේන්ද්‍රන් ගමන් කරමින් සිටි යතුරු පැදිය පේදුරුතුඩුව කයිතඩි වීදියේ කෝපායි මංසංදියේදී ලොරි රථයක් මගින් යටකොට පලා ගොස් ඇති අතර  ගජේන්ද්‍රන් බරපතල තුවාල ලබා යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

සන්නද්ධ සටන නිහඬ කිරීමෙන් පසු, දෙමළ ජනතාවගේ නායකයා ලෙස පැවසෙන ආර්.සම්බන්ධන් සහ දේශපාලන රාජතාන්ත්‍රිකයෙකු ලෙස තමන්ව හඳුන්වාදෙමින් සිටින සුමන්දිරන් උතුරු නැගෙනහිර පැවැත්වූ කිසිඳු අනුස්මරණ වැඩසටහනක‍ට සහභාගි වී නොමැති බවට පසුගිය දින කිහිපයේම දෙමළ ජාතික ජනතා පෙරමුණ තැන තැන විරෝධතා පවත්වා තිබුනා.

එක්සත් ජාතික පක්ෂයෙන් සහ ඉන්දිය රෝ සහ තවත් ජාත්‍යන්තර සංවිධන වලට තමන් දේමළ ජනතාවගේ එකම නායකයා ලෙස පෙනි සිටිමින් මුදල් රැස් කිරිම හැර දෙමළ ජනතාව වෙනුවෙන් කිසිදු ශක්තිමත් තින්දුවක් ද්‍රවිධ ජාතික සන්ධානය ගෙන නැති බව දෙමළ ජාතික ජනතා පෙරමුණ චොදනා කර සිටි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.