Breaking
24 Feb 2025, Mon

හොරා නිදහස් කල යහපාලන අගමැතිගේ දස්කම්

ලංකාවේ මහ බැංකු අධිපති වෙන්නට ඕනෑ තරම් සුදුසු කම් තිබෙන ශ්‍රී ලාංකිකයන් සිටියදී රනිල් වික්‍රමසිංහ බොහෝ දෙනෙකුගේ විරුද්ධත්වය මැද ගෙනාවේ ඔහුගෙ ගජමිතුරු සිංගපූරු ජාතික අර්ජුන මහෙන්ද්‍රන්වය.

අර්ජුන මහෙන්ද්‍රන් රනිල් වික්‍රමංහ සම්බන්දය දසක ගනනාවක් පැරනිය. 2002-2004 යූ ඇන් පී රජය පැවති කාලයේ ජාත්‍යන්තර සොරෙකු වන රාජු රජරත්නම් සමග එක්වී රවී කරුණනායක ඩොලර් මිලියන 30 ක විදේශ විනිමය වන්චාවක් කලයැයි කියන  සිද්දියේ  නිව් යොර්ක් නුවර හෝටලයක සති ගනනක් එකට  නතරවී රාජරත්නම් සමග ගනුදෙනු කලේ රවි හා අර්ජුනය . ලංකාවේ සිට සම්බන්ධීකරනය කල කෙනා සිතා ගැනීමට අවශ්‍යනම් අර්ජුන මහෙන්ද්‍රන් මහ බංකු අධිපති කමටත්  රවි මුදල් ඇමති කමටත් ආවේ කාගේ අනුහසින්දැය් මදකට සිතාගැනීම ප්‍රමානවත්ය.

රාජපක්ෂ ආන්ඩුවට අද වනතුරු ඔප්පු නොවූ දූෂන වංචා චෝදනා රාශියක් කොට මහජනතාව රවටා බලය ගත් රනිල්ගේ ආන්ඩුව දින 50ක් යන්නටත් පෙර අර්ජුන මගෙන්ද්‍රන් හරහා රුපියල් බිලියන 10ක් ( කෝටි 100ක්)  මහදවාලේ හොරකම් කලේ ඔවුන් නොසිතු ආකාරයකට අතේ පත්තු වූ බැදුමකර මගඩිය හරහාය. තාක්ෂනය අතින් ඉතා සංකීර්ණ මෙම හොරකම සාමාන්‍ය ජනතාවට නොතේරෙන බව මෙය සැලසුම් කල තක්කඩි රැලගේ උපකල්පනය විය. පලමුවන හොරකම සාර්ථක උනොත් මේ මගඩිය මාස් පතා කර බිලියන් ගනන් සාක්කුවට දමා ගන්නට මහත්වරුන්ගේ හොර කල්ලිය සැලසුම් කල බවට සැකයක් නැත.

එහෙත් අන්තර්ජාලයට පින් සිද්ද වෙන්නට දැනුම් තේරුම් ඇති අය මෙම මගඩිය මහජනතාවට පැහැදිලි කලහ. සම්ප්‍රදායික මාද්‍ය හරහානම් මෙය පැහැදිලි කරන්නට ජීවිතයට ආසා ඇති කිසි කෙනෙකු ඉදිරිපත් නොවනු ඇත්තේ හොරකමේ විශාලත්වයෙනම් එය පිටුපස සිටින අය මොනතරම් බලවත්දැයි සිතාගත හැකි නිසාය.

හොරුගේ ලාබය රුපියල් බිලියන 10 ක් බවත්,මාර්තු මාසයේ පමනක් රජයට පාඩුව බිලියන් 42ක් බවත් අස්තුමෙන්තුගත වාර්ශික පාඩුව රුපියල් බිලියන් 500 ක් බවත් මෙම මුදලින් මත්තල ගුවන් තොටුපොලවල් 18ක් හදන්නට පුලුවන් බවත් කරලියට ආවාම රනිල් වික්‍රමසිංහ ටිකිරි මොලේ පාවිච්චි කර යහපාලන විසඳුමක් දුන්නේය.

මහ බැංකු අධිපති නිවාඩු යැව්වායැය් ජනතාව රවටා ගෙදර සිට වැඩ කිරීමට මග පාදා දුන්නේය.

මහ බැංකු හොරකම පරීක්ෂා කරන්නට යූ ඇන් පී පක්ෂයේ ක්‍රියකාරීන් 3 දෙනෙකු පත්කලේය

යහපාලනයට චන්දය දුන් සාමාන්‍ය ජනතාවට ඉතින් හොදටම් චූන්ය. රනිල් වික්‍රමසිංහ ප්‍රස්නය විසදන බව අහිංසක ඔවුන් විස්වාස කරන්නට ඇත.

ඔවුන් නොදැන සිටියේ   එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් 3 දෙනාට පැවරුන රාජකාරිය නම් අර්ජුන මහෙන්ද්‍රන් මොන ක්‍රමයකින් හෝ නිදහස් කිරීම බවය. ඇත්ත කීවොත් උනුත් ඉවර බව ඔවුන් හොදින්ම දැන සිටියහ.

රනිල් ලොක්කා එතනින් නතර උනේ නැත. අර්ජුන මහෙන්ද්‍රන් අල්ලස් හා දූෂන කොමිසමෙන්  ප්‍රශ්න කරන ලදී.

යහපාලනය් ගැන් ඡන්දදායකයන්ට තව චූන්ය.

ඔවුන් නොදැන සිටි කාරනය නම් මෙම මගඩිය අල්ලස් ගැනීමක් නොවන බවය. එය මූල්‍ය වන්චාවකි. ඇත්තටම අල්ලන අවංක චේතනාවක් ඇත්නම් පරීක්ෂනය කල යුත්තෙ අල්ලස් කොමිසම නොව පොලීසියේ ‘ මූල්‍ය අපරාධ විමර්ෂන අංශයයි’.

දැන් 3 පුද්ගල කමිටු වාර්තාව එලියට පැමින ඇත. බලාපොරොත්තුවූ පරිදිම ඔවුන් අර්ජුන මහෙන්ද්‍රන් නිදහස් කොට ඇත. වාර්තාවේ කියන පරිදි මහ බැංකු  අධිපත් හරීම අහින්සකය. බැංකුවේ වෙන කිසි දෙයක් ඔහු නොදනී.  වැරද්ද කර තිබෙන්නේ බැංකුවේ යම් සොක්කන් පිරිසක්ය. ඒ කාලේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු පොඩි උන්ට පැහැදිලි කරන්නට අම්මලාට තාත්තලාට ඉදිරියේදී මෙය උදාහරනයකට ගත හැක.

හෙට අනිද්දා අර්ජුන මහෙන්ද්‍රන් බෑනාගෙන් අල්ලසක් ලබාගෙන නැති බව අල්ලස් කොමිසමද වාර්තා කරනු ඇත.

ඉතින් සියලු දෙනා නැවත සතුටින් එක්වී යහපාලනය ඉදිරියටම ගෙන යනු ඇත.

~~විශේෂ වාර්තාකරු ~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.