Breaking
23 Feb 2025, Sun

මහින්ද වෙනුවෙන් ජනතා සාක්ෂිය -ලංකාවේ අවාසනාව අපේම කුහක කම නොවේද? මොහොතක් සිතන්න

පහුගිය ආණ්ඩුවේ කවුරුන් හෝ හොරකම් කලා නම් ඒ කලේ මහ ජනතාවට තේරෙන හොරකම්ය. කොටින්ම කියනවා නම් හොරකම් කලේ සිංහලෙන්ය. මිලියන් කීපයක් හොරකම් කලාම ඒකට තව බිංදු 3 ක් අගට එකතු කර බිලියන් ගානක් හොරකම් කලා කියා කෑ ගසන්නට යහපාලන ප්‍රචාරක යන්ත්‍රයට ඉඩ ලැබුනේ ඒකය.

බිලියන් එකක් කියන්නේ මිලියන් 1000 ක් කියල අපේ ගෝලයන්ට තේරෙන්නේ නැති එක චන්දයෙදී යහපාලන කපටියන්ට ලොකු වාසියක් විය. උදාහරනයක් වශයෙන් ගැහුවා කී කොමිස් මුදල් හොඳින් හිතා බැලුවොත් ව්‍යපෘතියෙ මුලු වියදම මෙන් දහස් ගනනක් උනත් අපේ කට්ටිය ඒ කී බොරු විශ්වාස කොට මහින්දට කෙලවන්නට චන්ද පොලට දිව්වා මිස මේක වෙන්න පුලුවන් දෙයක්ද කියා ගනන් හදා බැලුවේ නැත්තෙ ගනිත සාස්තරෙට මොලේ මහන්සි කරන්න අපේ අයගේ වැඩි කමැත්තක් නැති නිසාය..

හැබැය් රනිල්ලා රවීලා වැඩේ දෙන්නේ ඉංග්‍රීසියෙනි. ඔවුන් මහාපරිමාන ගැහිලි ගහන්නට බලාපොරොත්තු වන්නේ මහ ජනතාවට නොතේරෙන තලයකය. මහ බැංකුවට කවුරුත් එපා කියද්දි ගෙනත් දා ගත් සිංගපුරු ජාතික අර්ජුන මහෙන්ද්‍ර හරහා දින 100 ගෙවෙන්නටත් පෙර පලමු අත් හදා බැලීම කලේ මහ බැංකු නයකර ගනුදෙනුව හරහාය.

මහ බැංකුවේ සාමාන්‍ය ණය ගැනීමේ පොලී අනුපාතය 9% ව තිබියදී මහබැංකු ලොක්කා අර්ජුන මහෙන්ද්‍ර සිය බැනා වන අර්ජුන ඇල්ලොසියස්ට රුපියල් බිලියන 10 ක් 12.5% පොලියට අවුරුදු 30 ක කාලයකට මහ බැංකුවට නයට දීමට හොර පාරෙන් ඉඩ සලසා දීම හරහා මාමා, බෑනා, අගමැති, මුදල් ඇමති නඩය ඉපදු ලාබය පැයක් ඇතුලත රුපියල් බිලියනය ඉක්මවන අතර ඉදිරි 30 වසරකටම බලපාන ලාබය රුපියල් බිලියන 10 ඉක්මවයි. මේ කිසිවිකුට ආයෙත් ජීවිතයටම මුදල් උපයන්නට අවශය නැත.

මහබැංකුවට අර්ජුන ඇල්ලොසියස් 12.5% ගිනි පොලියට ණයට දුන්නේ තමුන්ගේ සල්ලි නොවේ. ඒ ඉහතකී බලපුලුවන්කාරයන්ගේ අනුමැතියෙන් ලංකා බැංකුවෙන් 8% අඩු පොලියට එදා උදේ ලබාදුන් මුදලකි. කොහොමද ගැහිල්ල ?

මීට අමතරව මුන්ගේ හොරකම නිසා රටට උන අලාබය අති මහත්ය. මෙම හොරකම නියා සියලු ආකාරයේ රාජ්‍ය ණය වල පොලී අනුපතය ඉහල ගොස් ඇත ( අවුරුදු 10 ණයකර, අවුරුදු 8 ණයකර, අවුරුදු 4 ණායකර, අවුරුදු 1 ණයකර, මාස 6 ණයකර, මාස 3 ණයකර, ආදී වසයෙන්). උදාහරනය වශයෙන්ගතහොත් 8% ට තිබු නය ගැනීමේ පොලී අනුපාතය 12.5% ට ඉහල යාම නිසා පෙබරවාරි මාසයේ 27 සිට මාර්තු මාසයේ 26 දක්වා යහපාලන රජය ණයටගත් රුපියල් බිලියන් 251 සඳහ මෙම වැඩි පොලී අනුපාතය බලපෑම නිසා රජයට වූ අලාබය රුපියල් බිලියන 41කි. මේ එක මාසයක් තුලය. අවුරුද්දක් තුල සිදුවන පාඩුව සිතා ගන්නටවත් බැරිය.

හොරකම් කරපු බිලියන 11ට මෙම 41 ට එකතු කලවිට රුපියල් බිල්යන 52 කි. ලංකාවේ මෙතෙන් සෑදු කිසිම අධිවෙගී මාර්ගයකට රජය මෙතරම් මුදලක් වැය කර නැත. වැඩිම මුදලක් ගියා කියන ගාල්ල මාතර පාරට ගියෙත් රුපියල් බිලියන 25 කි

මහින්ද සැදූ අධිවේගී මාර්ග නාස්තියක් නොවේ. ඒවා මත රටේ ජනතාව අදත් හෙටත් ගමන් කරති. එවා වටා නගර ඉදිවෙනු ඇත. රටේ ප්‍රවාහන කර්‍යක්ශමතාව දියුනු වීම හරහා ආර්ථිකයට පලදාවක් එක්වනු ඇත. මුන් කල මේ නාස්තියෙන් පලක් ඇත්තේ කාටද ? බොරු කියා රට ගත් හොරු නඩයකට පමනි.

අපේ රටේ සාමාන්‍ය මාධ්‍යවේදිනට මෙවැනි විශයන් තේරෙන්නේ නැති නිසාත් උදේ පාන්දරම මාධ්‍ය වලට තර්ජනය කොට බොහෝ මාධ්‍ය ආයතන බය කරගත් නිසාත් කිසි දිනක මෙම මගඩිය අසුවෙතැයි රනිල්ගේ හොර නඩය සිතුවේ නැත.

එහෙත් අන්තර්ජාලයට පින්සිද්ද වෙන්නට මෙම විශය ගැන දැනුම තේරුම ඇති අය සාමන්‍ය ජනතාවට මෙම හොරකම සරල බාසාවෙන් තේරුම් කර දීම නිසාඉතිහාසයේ සිදුවු විශාලතම මුල්‍ය වංචාව කරලියට පැමින ඇත.

ප්‍රේමදාසගේ  කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය. උදාගම් හැදුනි, පාරවල් හැදුනි, කර්මාන්තශාලහැදුනි, දකුනේ ත්‍රස්තවාදය අවසන් විය.

අපිට ප්‍රේමදාස පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම තත්වයට උසස් වී සිටි නිසාය. ඉතින් ඔහුව ත්‍රස්තවාදීන් මැරුවාම අපි සතුටු වුනෙමු

ඊලඟට චන්ද්‍රිකා ආවාය. ඇයගේ මිතුරු මිතුරියන්, සමහර දෙශපාලකයන් හා සමහර ව්‍යාපාරිකයන් දියුනු වූහ. අවුරුදු 11 රට එතනම තිබුනි. ආර්ථිකය පහලටම වැටුනි. මෙලෝ දියුනුවක් නැත. අපිට ලැබුන දෙයක් නැත. සිදුවුනේ උතුරේ අන්තවාදීන් බලවත් වීම පමනි.හැබැය් ඇය උසස් පවුලකින් නිසා අපේ ඊරිසියාවක් ඇය ගැන නොතිබිනි

රාජපක්ෂගේ කාලයේ සමහර දේශපාලකයො හා සමහර ව්‍යාපාරිකයෝ හම්බ කලහ.රටද දියුනු විය. උතුරේ ත්‍රස්තවාදය අවසන් විය, පාරවල් හැදුනි, වරායවල් ගුවන්තොටුපලවල් හැදුනි, නගර අලංකාරවිය, ආර්ථිකය දියුනු විය .

අපිට රාජපක්ෂව පෙන්නන්න බැරි විය. ඔහුගේ පවුලට අපි ඊරිසියා කලේ ඔවුන් සාමන්‍ය පවුල්වලින් පැමින මෙම තත්වයට උසස් වී සිටි නිසාය. ඉතින් ඔහු ඡන්දය පැරදුනාම අපි සතුටු වුනෙමු

දැන් රනිල් බලයට පැමින ඇත. ඉහල පන්තියට අයත් ඔහු ගැනත් අපේ ඊරිසියාවක් නැත. ඔහුගේ මිතුරු මිතුරියන්, සමහර දෙශපාලකයන් හා සමහර ව්‍යාපාරිකයන් දැනටමත් දියුනු වන්නට පටන් ගෙන ඇත. රට එතනමය. ආර්ථිකය පහලටම වැටෙන ලකුනු දැනටමත් පෙනේ.. මෙලෝ දියුනුවක් වන පාටක් නැත. අපිට ලැබෙන දෙයක් නැත. සිදුවන්නේ උතුරේ අන්තවාදීන් බලවත් වීම පමනි.

ඉතිහාසය නැවත ලියවෙන්නට පටන් ගෙන ඇත.

ලංකාවේ අවාසනාව අපේම කුහක කම නොවේද ?

~~විශේෂ ලියුම් කරුවෙකු විසිනි~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.