Breaking
23 Feb 2025, Sun

තුසිත මැස්සා,නිශාන්ත සමග එක්වි ශ්‍රි ලංකා මොබිටෙල් ගිල දමයි -වහාම ඉවත් කරන්න ජනපතිට ලිපියක්

ශ්‍රි ලංකා මොබිටෙල් ආයතනය ක්‍රමානුකූල ගිල දැමිම සදහා ඉංග‍්‍රීසි අකුරක්වත් බැරි තුසිත හල්ලොලූව සහ ශ්‍රි ලංකා මොබිටෙල් මුල්‍ය නිළධාරි නිශාන්ත එක්ව කටයුතු කරමින් සිටින බව ශ්‍රි ලංකා මොබිටෙල් සුරැකීමේ සංවිධානය සාක්ෂි සහිතව ඔප්පුකර තිබේ.පසුගියදා අප කළ අනාවරණයන් සමග මේ සම්බන්ධයෙන් එම සංවිධානය වගකිමෙන් යුතුව තොරතුරු අනාවරණය කර තිබේ.බෝර්ඞ් මීටිං වලදී තුසිත හල්ලොලූව කිසිදු වචනයක් පැවසිමට ඉදිරිපත් නොවිමේ ප්‍රධාන හේතුව වන්නේ ඉංග්‍රිසි භාෂාව පිළිබඳව නැති හැකියාවට වඩා බෝර්ඩ් මිනිට්ස්  කිසිවක් ඔහුට නොතේරෙන නිසා බවද එම සංවිධානය අවධාරණය කරයි.

ශ්‍රි ලංකා මොබිටෙල් ආයතනයේ සියලුම තොරතුරු නිතිපතා තුසිතට ලියකියවිලි සමගින් සපයන්නේ මුල්‍ය නිළධාරි නිශාන්ත වන් අතර තුසිත එම ලියවිලි මොබිටෙල් ආයතනයට තරග කරුවා වන ඩයලොග් ආයතනයට ලබාදී මුදල් ලබ ගන්නා බවයි එම සංවිධානය අවධාරණය කරන්නේ.

ඩයලොග් ආයතනය තුසිතට අමතරව නිශාන්තටද දිනපතා  මුදල් ගෙවමින් සිටින බවට සාක්ෂි පවා අප වෙත එවා තිබේ.සියලුම අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් හා අනෙකුත් කළමනාකරණ රැස්වීම් ඉතා රහසිගතව රෙකෝර්ඩ් කර  ඒවා ඩයලොග් සමාගමට විකුණා ඇති අතර දැනටමත් ඩයලොග් ආයතනයෙන් රුපියල් මිලියන ගණනක් ලබාගෙන ඇති අතර ඒවා තැන් පත් කල බැංකු ගිණුම් පිළිබඳවද තොරතුරු අපසතුව පවතී.

පවතින තත්ත්වය හමුවේ ඉතා ඉක්මනින්ම ශ්‍රි ලංකා මොබිටෙල් ආයතනය කඩා වැටිමේ අනතුරක් තිබෙන නිසා වහාම මෙම දෙදෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් වහාම ආයතනයේ තනතුරු වලින් ඉවත් කරන ලෙසත් දන්වා යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රි ලංකා මොබිටෙල් සුරැකීමේ සංවිධානය ලිපියක්ද යොමුකර තිබේ.

ඉහත කරන ලද සියලුම චොදන හෙලිකිරිමට අවශ්‍ය සාක්ෂි අප සතුව පවතින බව චොදනා එල්ල වන්නන් දැනගෙන සිටිම හොදය.

පසුගියදා අප තුසිත හල්ලොලූව පමණක් නොව රාජපක්ෂ ආණ්ඩුව පෙරලා යහපාලන ආණ්ඩුවක් හදා ගනිමින් කූප්‍රකට මාෆියා කරුවන් ගෙන යන කුමන්ත්‍රණ රැසක් අප හෙලි කර ඇති අතර එම කුමන්ත්‍රණයන්ට පිළිතුරු දිම අමතක කර ඇති එම කණ්ඩායම් එකිනෙකා අතර මාෆියා වෙබ් හරහා මඩ ගසමින් සිටි.

මෙකත් කියවන්න -8 පාස් නැති මැස්සෙක් ගිය උඩ……..

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.