LNN SPY

මහින්ද -මෛත්‍රී ලගදිම රටේ ජනතාව හමුවට !බෙදුම්වාදී රනිල්ට සහ ශ්‍රිලනිප කඩන්න හැදු චන්ද්‍රිකාට පයින් ගසා දොට්ට දමයි!

දුෂිත මෙන්ම බෙදුම්වාදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රිලනිපය කඩා බිඳ දැමිමට කටයුතු කරන හිතුවක්කාරි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට එරෙහිව රට නිවැරදි මගට ගැනිමට පසුගියදා රහසිගතව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවි කල සාකච්ඡා සාර්ථක දිශාවට යොමු වෙමින් තිබෙන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර සාකච්ඡාවක් සුදුසු ස්ථානයක සංවිධානය කිරීමට පියවර ගෙන ඇතැයි ද, දෙදෙනාම ඊට එකඟත්වය පළ කර ඇතැයි ද හිටපු ඇමැති ටී බී ඒකනායක මහතා අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අනාවරණය කළා.පක්ෂයේ ගැටළු නිරාකරණය කරගෙන පක්ෂය සමගි කරවීම එම සාකච්ඡාවේ අරමුණ බවත් ඔහු සදහන් කළා.

ඒ අනුව අප පසුගිය 14 වැනි අගහරුවාදා අනාවරණය කල පරිදිම සිදුවු මෛත්‍රීපාල,මහින්ද රාජපක්ෂ හමුවේ!(පුවත කියවන්න ) ප්‍රථිපල ලගදිම රටේ ජනතාවට ලැබෙනු ඇත.

~~උපුටා ගැන්ම LNW.Today~~ 

තමන් චන්ද්‍රිකාගේ සහ රනිල්ගේ කතාවලට තම්න් රැවටුනු බවත් මහින්ද රාජපක්ෂ රජයේ තමන් දැරු ඇමතිකම තරම්වත් තමන්ට දැන් බලයක් නොමැති බවත් තමන් කුමන වරදක් කළද හෘද සාක්ෂියට අනුව රට බෙදන්නට සහය ලබාදිය නොහැකි බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රහසිගතව හමුවු  අවස්ථාවේ පවසා තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අතිශය බහුතරයක් මහින්ද රාජපක්ෂට සහය දැක්විමත් ඉදිරියෙදි එන මහා මැතිවරණයට මුහුණ දිමට පක්ෂයක් හැටියට කටයුතු කලයුතු අකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡා සදහා ශ්‍රිලනීප ප්‍රභලයන් 5 දෙනෙකුද සහභාගි වි ඇති අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බලය මුදලට යටකරමින් බලය අල්ලා ගැනිමට කරන කුමන්ත්‍රණය පිළිබඳවද පැහැදිලි අර තිබෙන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

~~උපුටා ගැන්ම අවසන්~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top