Breaking
24 Feb 2025, Mon

කොටි නායකයන් ඇල්ලු වරදට -තවත් දක්ෂ හමුදා නිලධාරියෙක් ගෙදර යැවීමට යහපාලනය සූදානම්

මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහ බුද්ධි සේවා විමර්ශන කටයුතු භාරව සිටි නියෝජ්‍ය මහ කොමසාරිස්‌ සුමිත් මානවඩු මහතා මැයි මස 5 වනදා හදිසියේම දිවයිනවෙත කැදවා ඇති අතර එම කැදවීම සමග ඔහුගේ තානාපති සේවයත් යුධ හමුදා සේවයෙන් විශ්‍රම ගැන්වීමත් සිදුකිරීමට නියමිත බව ඉතා විස්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.මීලග යුධ හමුදාපති වරයා වශයෙන් කටයුතු කිරීමේ සුදුසුකම් සපුරා ඇති ඉතා විශිෂ්ට සේවාවක් සිදුකල නිලධාරියෙකි.

57 සේනාංකයේ පලමු සේනාධිපති වූ මානවඩු මහතා 2009 වසරේ අවසන් සටනේදී ඉතා විශිෂ්ට මෙහෙයක් ඉටුකල නිලධාරියෙකි.එපමණක් නොව මැලේසියාවේ තානාපති සේවා සමයේ,එරට සැගව සිටි කොටි ත්‍රස්තයන් අත්වඩංගුවටගෙන මෙරටට බාරදුන් අතර එම ත්‍රස්තයන් අතර වාන්පුලිගාල් හෙවත් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා වූ ගුෂාන්තන්ද විය.රුපියල් කෝටි 400ක වැට් බදු වංචාවට සම්බන්ධ නිලධාරීන් මැලේසියාවේදී අත්වඩංගුවට ගනු ලැබූයේ මානවඩු මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මකවූ කණ්ඩායමක් විසිනි.

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු හදිසියේ තානාපති සේවයෙන් ඉවත් කිරීම පිටුපස මැලේසියාවේ ශ්‍රිලංකා මහකොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර් ශාරිඩ් ද සිටින බව වාර්තාවේ.ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් සේවය කල හමුදා නිලධාරීන් විශ්‍රම ගැන්වීමේ යහපාලන රජයේ තවත් එක් පියවරකි මෙය.

මැලේසියානු විශේෂ වාර්තාකරු 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.