Breaking
23 Feb 2025, Sun

අග්නිදිග ආසියාවේ විශාලතම ජන රැලිය අද- ඓතිහාසික මාතර මහින්ද පිළිගන්න සුදානමින්

අද සවස 3.00ට මාතර පැවැත්වෙන ඓතිහාසික “රටට පණ දෙන්න මහින්ද සමග නැගිටිමු” ජනතා රැළියට යහපාලන් ආණ්ඩුවේ බෙදුම්වාදී කුජීත දේශපාලකයන් අම්බානකට භියට පත්ව සිටින බව ඊයේ රාත්‍රියේ පුරාම ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයන්ගෙන් අනාවරණය වි තිබේ. 

අද පැවැත්වෙන රැළියට බාදා ඇති කිරිම සදහා රට පාවාදෙමින් සිටින කුරුඳුපොලු හමුදාව භාර මන්න පොන්ගල ඇමතිවරයා ගත් උත්සහයන් සියල්ලම ව්‍යාර්ථ වි ගොස් තිබේ.ඊට හේතු වි ඇත්තේ මහින්දට එරෙහිව බාදා කිරිම් කිරිමට මන්න පොන්ගල ගෙන්වු කුරුඳුපොලු බැටැලියන් එක එම කටයුත්ත කිරිමට බැරි බව පවසමින් ඉවත් විමයි.

මේ අතර රැස්විම සදහා ආරක්ෂක අංශ වල ආරක්ෂාවට අමතරව ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ජනතාවගේ එකමුතුවෙන් වෙනම ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

අද මාතර රැළියට සහභාගි වන දේශපාලනඥයන් පිළිබඳව ආණ්ඩුව කැලබිමට ලක්ව සිටි.ඊයේ රාත්‍රීය දක්වා මෛත්‍රී-රාජිත -දුමින්ද එක්ව අද පැවැත්වෙන රැළිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර මේ වනතෙක් ගත් කිසිදු උපාය උපක්‍රමයක් සාර්ථක කර ගැනිමට අසමත් විම පිළිබඳව කනස්සල්ල පලකර තිබේ.

දිනූ නිදහස අනතුරේ – මහින්ද සමග නැගිටිමු” යන තේමාව යටතේ අද සවස 3.00ට මාතරදී පැවැත්වෙන මහජන රැලිය සඳහා ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 85 දෙනකු සහභාගිවීමට නියමිත.

ඒ අනුව මීට පෙර කුරුණෑගල පැවැති මහජන රැලියට සහභාගි නොවූ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20කට අධික සංඛ්‍යාවක් මාතර රැලියට සහභාගි වීමට නියමිතය. කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, සරත් කුමාර ගුණරත්න මහතා, ගාමිණී ලොකුගේ, සරණ ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, රෝහණ කුමාර දිසානායක, මනූෂ නානායක්කාර, වී.කේ. ඉන්දික, සරත් වීරසේකර, ශ්‍රියාණි විජේවික්‍රම, ටී.බි. ඒකනායක, ජයරත්න හේරත්, සාලින්ද දිසානායක, තාරානාත් බස්නායක, අරුන්දික ප්‍රනාන්දු, ෂෙහාන් සේමසිංහ, ඩබ්ලිව්.සී. මුතුකුමාරණ, වීරකුමාර දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, රොෂාන් රණසිංහ, චානුක බුද්ධදාස, උදිත ලොකු බණ්ඩාර, තේනුක විදානගමගේ, වයි.ජී. පද්මසිරි, ජගත් බාලසූරිය, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, තිස්ස විතාරණ, මාලනී ෆොන්සේකා, කමලා රණතුංග, ජානක ප්‍රියන්ත බණ්ඩාර, ජානක වක්කුඹුර, සනී රෝහණ කොඩිතුවක්කු, රංජිත් සොයිසා, මොහාන් පී. ද සිල්වා, නිශාන්ත මුතුහෙට්ටිගම, නිල්වලා වීරසිංහ, සුසන්ත පුංචි නිලමේ, විදුර වික්‍රමනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම රැලියට සහභාගිවීමට නියමිතය.

එමෙන්ම ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ගුණරත්න වීරකෝන්, රමේෂ් පතිරණ, චන්දිම වීරක්කොඩි, ප්‍රභා ගණේෂන්, පී. පියසේන, මහාචාර්ය රජීව් විජේසිංහ, ජයසිංහ බණ්ඩාර, ආර්.බි. විමලදාස, පවිත්‍රා වන්නිආරච්චි, සී.බි. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, කනක හේරත්, ඉන්දික බණ්ඩාරනායක, ප්‍රියංකර ජයරත්න, ඩබ්ලිව්.බි. ඒකනායක, සුමේධා පී. ජයසේන, විජිත බේරුගොඩ, එච්.ආර්. මිත්‍රපාල, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ටිරාන් අලස්, චන්ද්‍රසිරි ගජධීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිර්මල කොතලාවල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද මෙයට සහභාගි වීමට නියමිතය.

අග්නිදිග ආසියාවේ විශාලතම ජන රැලිය බවට ආණ්‌ඩුවට එරෙහිව අද (12 වැනිදා) මාතරදී පවත්වන ජනරැලිය පත් කරන බව මාතර දිස්‌ත්‍රික්‌ එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එම රැලිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍රය සීමා සහිත ප්‍රදේශයකට පමණක්‌ ලබා දීම යහපාලන ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය මනාවට කියා පෑමක්‌ බවත් අබේවර්ධන මහතා පැවසීය. එම රැලිය සඳහා මාතර දිස්‌ත්‍රික්‌කයේ සියලු ජනතාවට ආරාධනා කරන බවත් නොයෙක්‌ පළාත්වලින් ඒ සඳහා ජනතාව පැමිණෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.