Breaking
23 Feb 2025, Sun

නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය,මුස්ලිම් කොංග්‍රසයේ නායක  රවුෆ් හකීම් යනු  මුදලට විකිණෙන ගණිකාවක් බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ කල ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂය සහ මුස්ලිම් කොංග්‍රසය අතර  දුර දිග යන ආරවුලක් බවට පත්ව තිබෙන බව වාර්තා වේ. ඒ අනුව බොහෝවිට මුස්ලිම් කොංග්‍රසය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදි තනිවම තරග කිරිමට් බොහෝ දුරට ඉඩ තිබෙන බවයි අප LNW ඔත්තු සේවාවන් අනාවරණය කරගෙන ඇත්තේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දයා ගමගේට තරයේ චොදනා කර තිබේන බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ සහ දයා ගමගේ අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර රනිල් දයාට පවසා ඇත්තේ “මේ දයා තමුසේ හැම තිස්සෙම මාධ්‍ය වල කැපිලා පෙන්න ඔන නිසා කටට එන හැමදෙම කියන්න එපා…. ” යනුවෙනි.

රනිල් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දයා දැඩි සේ කණගාටුවට පත්ව සිටින අතර නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකු සමග දයා මේ කතාව පවසමින් කියා ඇත්තේ….”ලොක්කාටත් හොද ඔය තම්බින් බන් ” කියාය.දයා ගමගේ කල ප්‍රකාශ

 
(තමන් ගැන විශ්වාසය තැබූ මුස්ලිම් ජනතාව විකුණාගෙන කමින්, ජාතිවාදය අවුස්සමින්, බොරු පොරොන්දු දී පාර්ලිමේන්තුවට ගොස් මහින්ද රාජපක්ෂ සමඟ එක්ව කැබිනට් ඇමති ධූරයක් ද ලබාගෙන ඔවුන් පාවා දුන් රවුෆ් හකීම් නැගෙනහිර මුස්ලිම් ජනතාවට කර ඇති සේවය කුමක්දැයි ඔහු ප්‍රශ්ණ කර සිටිනවා.

හකීම්ට එරෙහිව කල්මුනේ මුස්ලිම් ජනතාව පැවත්වූ විරෝධතාව සම්බන්ධයෙන් දයා ගමගේ කියා සිටියේ  බේරුවල මුස්ලිම් ජනතාවට පහර දෙන විට, පොතුවිල් මුස්ලිම් ජනතාවගේ ඉඩම් කොල්ල කන විට, කරවලයිමුත්තු පල්ලියට මුස්ලිම් ජනතාවට යෑමට නොදී එය කඩා බිඳ දමන විට ඒ එකදු සිද්ධියකට හෝ එරෙහිව වචනයක් හෝ කථා නොකළ හකීම්, තමාගේ වාසියට පමණක් කටයුතු කරන, මුදලට විකිණෙන ගණිකාවට සමාන කළ හැකි බවයි.)

පසුගිය  ජනාධිපතිවරණයේදී  මෛත්‍රීපාල  සිරිසේනට  මුස්ලිම් කොංග්‍රසය සහය  පළ  කිරීමට  ඉදිරිපත්  වීමත් බොදු  බල  සේනා  සංවිධානයේ  මහලේකම්  පූජ්‍ය  ගලබොඩාත්තේ  ඥානසාර  හිමි  රවුෆ් හකීම්  ගණිකාවකට සමාන කළා.

“හකීම්  මහත්තයා  2005දීත්  2010දීත්  විපක්ෂ‍යේ  අපේක්ෂකයා  දිනවීමට  කටයුතු  කළා.  මෛත්‍රිපාල  සිරිසේන  මහතා  රවුෆ්  හකීම්  සමඟ  හා  චන්ද්‍රිකා  මැතිණිය  සමඟ  ගැසූ  ගිවිසුම්  කුමක්දැයි  හෙළි  කළ  යුතුයි.  එල්. ටී. ටී. ඊය  2002  මුස්ලිම්  ජනතාව  ඝාතනය  කරද්දී  හකීම්  ප්‍රභාකරන්ලා  එක්ක  සාම  ගිවිසුම්  ගැහුවා.  රටට  සාමය  ගෙන  එන  ගමනේදී  මුස්ලිම්  කොංග්‍රසයේ  කිසිවෙකුත්  ජීවිත  පූජා  කළේ  නෑ.  ඒවගේම  හකිම්  දෙමළ  සන්ධානය  සමඟ  එකතුවී  සිංහලයින්ට  එරෙහිව  ජාත්‍යන්තරයට  ගතු  කියනවා.  එහෙම  බලපුවාම  රවුෆ්  හකීම්  මහත්තයා  දේශපාලන  ගණිකාවක්. ” 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.