Breaking
24 Jan 2025, Fri

O/L විභාගයෙන් පිට පිට තුන් වතාවක් ගණිතය අසමත් වු මංගල

ලංකාවේ වැඩිම දෙනෙක් අසමත් වන විශය ගනිතය. අ. පො .ස . සාමන්‍ය පෙල විභාගයෙන් 45%-50% අතර ප්‍රමානයක් සෑම වසරකම ගනිතය අසමත් වීම ඉතිහාසය පුරාම පවතින ප්‍රශ්නයකි. පසුගිය ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂගේ පරාජයට මූලික හේතුවක් වුයේ චන්දදායකයන්ගේ ගණිතය දුර්වලකමය. 

මුලු ඡන්ද දායකයන් අතරින් 45% යනු ලක්ෂ 54කි. මෛත්‍රිපාලට ඡන්දය දුන් ලක්ෂ 62න් ලක්ෂ 54ක්ම අ.පො.ස.සාමන්‍ය පෙල ගනිතය අසමත් අය බව අපට පෙනී ගොස් ඇත. මන්ද රාජපක්ෂ ආන්ඩුවේ දුෂණ වංචා ගැන රාජිතලා, චම්පිකලා, හර්ශලා, රවීලා,අනුරකුමාරලා, හරීන්ලා, සේරසිංහලා, ගොන්ජලා කිවු පට්ටපල් බොරු ගනන් හිලව් විශ්වාස කරන්නට පුලුවන් අ. පො .ස .සාමන්‍ය පෙල ගනිතය අසමත් උන්ට පමනක් නිසාය.

මෙතන තිබෙන මූලිකම ප්‍රශ්නය බොරු කියන උන්ටත් බොරු අහන උන්ටත් දෙගොල්ලන්ටම ලක්ෂ, මිලියන, බිලියන අතර වෙනස නොතේරෙන කමය. මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක් බවත් බිලියනයක් කියන්නේ මිලියන 1000 ක් හෙවත් ලක්ෂ 10,000 බවත් මුන්ට නොතේරෙන නිසා හැම දුෂන චොදනාවක්ම ඉදිරිපත් කෙරුනේ මුලින්ම මිලියන වලිනි. චන්දය කිට්ටුවන විට මේ සියලු ගනන් හිලව් බිලියන වලට හැරුනි. දැන් නම් ඕනැම චෝදනවක් පටන්ගන්නේම බිලියන් වලිනි,  රාජපක්ෂලා විවිධ ව්‍යාපෘතිවලින් බිලියන් ගනන් කොමිස් ගැහුවා කියා යහපාලක හොර නඩය පුන පුනා කියද්දී, යකෝ ව්‍යාපෘතියෙ වටිනාකමවත් එච්චර නැහැනේද කියා තේරුම් ගන්නට ඉහතකී චන්දදයකයන්ට නිකමටවත් බැරිඋනේ ඔය ගනිතය අසමත් ප්‍රශ්නය නිසාය.

මෙන්න මේකට අලුතින්ම එකතුවී ඇත්තේ අ. පො .ස . සාමන්‍ය පෙල විභාගයෙන් පිට පිට තුන් වතාවක්  ගනිතය අසමත් වී අවසානයේ අඳුම් නිර්මාණකරුවෙකු ලෙස රැකියාව පටන් ගත් මංගල සමරවීරය

රාජපක්ෂ පවුලේ වත්කම ඩොලර් බිලියන 18 යැයි මේ ඌරා කියයි.  පහුගිය අවුරුදු දහයටම ලංකාවේ කල සියලු ව්‍යාපෘති එකතු කලත් ඩොලර් බිලියන 2ක් වත්  වියදම් වෙලාවත් නැත. උදාහරනයක් වෂයෙන් ගතහොත් ඩොලර් බිලියන 1 කින් කටුනායක අධිවෙගී මාර්ගය, හම්බන්තොට  වරාය, කටුනායක ගුවන් තොටුපොල යන 3ම හදන්නට පුලුවන්ය. ඒ අනුව  කොමිස් ගසානම් ඩොලර් බිලියන 18ක් හොයන්නට අවුරුදු 200ක් වත් අවශයය.  බිලියන් වලින් චෝදනා කරන අය ආසාඅවට හොරකම් කරපු රුපියල් ලක්ෂයක් අපට මෙතෙක් හොයා දී නැත. අපේ ගනිතය බැරි මෝඩ සෙට් එක තාමත් මේ ලනු කන බව දන්න නිසා ගනිතය බැරි මංගලලා  දිගටම මෙවැනි බොරු කියති.

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.