LNN SPY

මහින්දගේ අනුරාධපුරයේ රැළියට මෛත්‍රීත් නගී

ලබන 9 වෙනිදා අනුරාධපුරයේ පැවැත්වෙන රැළියට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද සහභාගි විමට සුදානමක් තිබේන බව වාර්තා වේ.එක්සත් ජනතා නිදහස් සන්ධානයත්,ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් රැක ගනිමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කල කැපකිරිම අගයමින් මෙම සහභාගි විම සිදුකිරිමට මෛත්‍රී කැමත්ත පලකර තිබේන බව වාර්තා වේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (03) රාත‍්‍රීයේ බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වු අතර ඉදිරි මහමැතිවරණයේදී එකිනෙකා විවේචනය නොකර පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප විය යුතු බව රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මිට අමතරව ඉදිරි දිනකදී මෛත‍්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට ද මෙහිදී යෝජනා වී තිබෙනවා.

Top