Breaking
23 Feb 2025, Sun

මහින්ද විරෝධී කැලෑ පත්තරය මුද්‍රණය කලේ රාජිත – රජයේ මුද්‍රණාලයේ

“මේ ගැනත් සිතන්න පක්ෂය රැකගෙන්න” යනුවෙන් මහින්ද විරෝධී මඩ පොත මුද්‍රණය කිරිම සම්බන්ධයෙන් තමාට දිගින් දිගටම බැන වැදුනද එම පොත මුද්‍රණයේ සහ ශ්‍රිලනීප මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නිල ලාංජනය යොදා තැපැල් කිරිම රාජිත සේනාරත්න මහතාගේ බලපෑමේන් සිදුවු බව මන්ත්‍රි තිලංග සුමතිපාල අප විශේෂ වාර්තාකරුවෙකු සමග පවසා තිබේ.

මහින්ද විරෝධී මඩ පොත රජයේ මුද්‍රණාලයයෙන් මුද්‍රණය කර පසුව මුලස්ථානයට ගෙන්වා ශ්‍රිලනීප මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නිල ලාංජනය යොදා තැපැල් කිරිම සිදුකල අතර එම වැඩකටයුතු සියල්ලක්ම රජිතගේ අධික්ෂණයෙන් සිදුවු බවද ඔහු පවසා තිබේ. 

අන්තිමට තමන්ට මහින්ද විරෝධී මඩ පොත මුද්‍රණය කිරිමේ වගකිම තනියෙන් භාර ගන්නට වු බවද ඔහු පවසා තිබේ.

එම පොත් පිංචේ සඳහන් වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රීලනිප ය ගොඩගෙන රැකගත් බවත් හිටපු ජනාධිපති රාජපක්‍ෂ මහතා පක්‍ෂය සම්පුර්ණයෙන්ම විනාශ කර දැමූ බවත්ය. තවද එහි දැක්වෙන පරිදි පසුගිය ජනාධිපතිවරණයෙන් පසු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක ධුරයට පත් කිරීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකුගෙන් කඩිනම් ඉල්ලා අස්වීමේ ලිපියක් ද ලබා ගෙන ඇති බවයි. එහෙත් පසුව, හිටපු ජනාධිපතිවරයා ඊට එරෙහි වූ බව එහි සඳහන් වන අතර පසුගිය සමයේ එකම පවුලක් රට පාලනය කිරීම ආදී විවිධ චෝදනාවන් ද එහි දැක්වෙනවාය.

බෙදා දී තිබූ පොත් පිංච පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමේදී ශ්‍රී ල නි ප ජාතික සංවිධායක සහ සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කලේ එවැනි ලියවිල්ලක් ගැන තමා කිසිදෙයක් නොදන්නා මෙන්ම මෙය නිකුත්කළා යැයි කියන ශ්‍රී ල නි ප මාධ්‍ය අංශය නමින් කිසිවක් ශ්‍රී ල නි ප යේ නොමැති අතර මෙය සම්පූර්ණයෙන්ම කැළෑපත්තරයක් බවයි. අදාළ පොත පක්ෂයේ නිල ප්‍රකාශනයක් ලෙස වගකීම භාර ගැනීම තරයේ ප්‍රතික්ෂේප කළාය. එම ප්‍රකාශයෙන් පැමිණ සිටි මාධ්‍යවේදීන් තවත් පුදුමයට පත්වූයේ පක්ෂ මූලස්ථානයේදී ම මේ පොත් පිංච් බෙදා හැරිමට කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කටයුතු කර ඇති මුත් මන්ත්‍රීවරයා එය කැළෑ පත්තරයක් ලෙස හැදින්වීමය.

තමා නොදන්නා ලියවිලි මාධ්‍ය හමුවකට ඉදිරිපත් කරන්නේ නම් තමා එවැනි මාධ්‍ය හමුවකට සහභාගී නොවන අතර ශ්‍රී ල නි ප ය වෙනුවෙන් මාධ්‍ය ට ප්‍රකාශන නිකුත් කළ හැක්කේ පක්ෂයේ මහ ලේකම් තුමාටත් සංධානයේ මහලේකම් ලෙස තමාටත් බව පැවසූ ප්‍රේමජයන්ත මහතා අනෙකුත් සියළුදෙනා නිකුත්කරන ප්‍රකාශන පක්‍ෂයේ ප්‍රකාශ නොවන අතර එම පුද්ගලයන්ගේ පෞද්ගලික ප්‍රකාශ බවත් පක්ෂ වටේ කරක් ගසා නැවත ශ්‍රී ල නි පක්ෂය තුළට රිංගාගත් ඇතැමුන් ඔවැනි වැඩ සිදුකරන බවත් පවසමින් රාජිත සේනාරත්න ඇතුළු පිරිසට කනේ පහරක් එල්ල කළේ ඇඟට පතට නොදැනෙන ලෙසය.

එම මාධ්‍ය හමුවට සහභාගීව සිටි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා බළලා එවලේම මල්ලෙන් එළියට පනින චරිතය රඟපාමින් මෙම ලියවිල්ල ශ්‍රී ල නි ප මහලේකම් අනුරයාපාට පෙන්වූ බවත් ඔහු සංශෝධන ඇතුලත්කර නිකුත්කිරීම සඳහා අවසර ලබාදුන් බවත් පැවසු අතර ජාතික සංවිධායක තුමාට පෙන්වීමට නොහැකිවූ බව පැවසූ අතර ඔහු (සුමතිපාල) ශ්‍රී ල නි ප මාධ්‍ය අංශයේ වැඩකරන බවද අනාවරණය කළේය.

තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ගේ එම පැහැදිලි කිරීමෙන් අනතුරුව නැවත වාරයක් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍ය සාකච්ඡා සංවිධානයට කමිටුවක් ඇති මුත් මාධ්‍ය අංශයක් නොමැති බවත් මෙය තනිකරම කැලෑ පත්තරයක් බව නැවත වාරයක් අවධාරණය කළේය.

මේ පුවතත් කියවන්න -කණේ සිට අඟ කන මේ මුසලයන් දුටු තැන ගල් ගසනු!

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.