Political

ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි… රනිල්…..

ජනාධිපතිවරණයකින් පිනට අගමැති වූ ලෝකයේ පළමු අගමැති තුමා , රනිල් වික්‍රමසිංහ මහතාගේ මුවේ මේ දිනවල නිතර ගැවසෙන වචනයක් නම් ” ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි…” යන්නයි. ඔහු පාර්ලිමේන්තුවේදී පවා මේ දිනවල සිදුකරන සෑම කතාවක් පාහේම අවසන් වන්නේ මේ වචන කිහිපය පුනරුච්චාරණය කිරීමෙනි.

මෙය සමහර විට මේ දිනවල එතුමාගේ ක්‍රියාකාරකම් සහ හෘද සාක්ෂිය අතර ඇතිවන ගැටුමේ බාහිර ප්‍රකාශනය විය හැකිය. යහපාලන බෝඩ් ලෑල යට සිට සිදුකරනා තරමක් සිදුකරමින් තිබෙන යමපාලන ක්‍රියාකාරකම් (බහ බැංකු හොරකමේ සිට විධායක බලතල පික් පොකට් ගැසීමට ගෙනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කපා දැමූ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දක්වා වූ ක්‍රියාකාරකම්) නිසා හෘද සාක්ෂිය තුල උපදින ස්වාභාවික ලැජ්ජාශීලී ගැඟුම මෙසේ නිතර නිතර වචනවලට නැගෙනවා වන්නට පුළුවන.

එය හරියටම උදාහරණයකින් පැවසුවහොත් ජනාධිපතිධූර අපේක්ෂකත්වය ලැබූ දා සිට අතිශය දීන භූමිකාවකට පණ දෙමින් සිටින ජනාධිපති සිරිසේන මහතා ඒ දීනත්වය නිසා උපන් වහල් මානසිකත්වය තම ප්‍රතිවිරුද්ධ මතධාරීන්ට ‘වහලා’ යනුවෙන් ආමන්ත්‍රණය කර සංසිඳවා ගන්නා ආකාරයට බෙහෙවින් සමානය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘ලැජ්ජ’ කතාවට ඉතා දැඩි පිලිතුරක් පසුගියදා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති සමුළුවකදී ප්‍රවීණ දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා වෙතින් ලැබිණ.මේ ඒ කතාවේ උපුටා ගත් කොටසකි.

 යුතුකම සංවාදය -යටියන ප්‍රදීප් කුමාර







හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top