Breaking
23 Feb 2025, Sun

යමපාලනයට දින සියයයි…..අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකවරිය ඉවත් කළ යුතුයි

යමපාලනයට දින සියය පිරී ඇත. මේ දින සියය ඇතුළත කෙරී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් වැඩ අරඹන ලද ගොඩනැගිලි පාරවල් ආදිය විවෘත කිරීමත් සුදු කොඩි කතාව කියමින් ඊනියා යුද අපරාධ චෝදනා ඇරඹූ සරත් ෆොන්සේකාට දිය නොහැකි ෆීල්ඩ් මාෂල් ධුරයක් ලබාදීමත්, නොයෙකුත් දුෂණවල නිරත වීමත්, දේශපාලනය වෙනුවට මෛත්‍රිය පාලනය කර ද්වේෂය වර්ධනය කිරීමත් ය. අද මෛත්‍රිපාල බොරු අඳෝනා නගමින් ඉන්දියාවේ හා බටහිර න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරයි. රනිල් කෙරි වෙනුවෙන් ඒ සියල්ල අධික්‍ෂණය කරයි. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසමේ සභාපතිනිය රනිල්ගේ මිතුරකුගේ භාර්යාව බව පාර්ලිමේන්තුවේ දී රනිල් ම ප්‍රකාශ කර ඇත. ඇයට විරුද්ධව ද එම කොමිසම ඉදිරියේ ම චෝදනාවක් වෙයි. අද ඇය කරන්නේ කුමක් ද යන්න හරියට ම දන්නේ රනිල් ය. ඇය එතරම් ම පාරදෘෂ්‍ය වෙයි. එනම් විනිවිද පෙනෙන සුළු ය. ඉතා පැහැදිලිව ම කොමිසම තම බලතල ඉක්මවා කටයුතු කර ඇත. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම ඉදිරියට මහින්ද රාජපක්‍ෂ කැඳවා ඇත. ඒ තිස්ස අත්තනායකට අල්ලසක් ලෙස ඇමතිකමක් දීම සම්බන්ධයෙන් යැයි පැවසෙයි. මහින්ද රාජපක්‍ෂ තිස්ස අත්තනායකට ඇමතිකමක් දුන්නේ අගමැති ලෙස නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ලෙස තමන්ට ලැබුණු බලතල අනුව ය. ජනාධිපති ලෙස කටයුතු කරන කාලයේ කරන ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණයක හෝ විනිශ්චය සභාවක හෝ නඩු පැවරීමට නොහැකි වන ලෙස මුක්තියක් ජනාධිපතිට ඇත. රනිල් කියන්නේ තිස්ස අත්තනායකට විරුද්ධව ඇති අල්ලසක් ලෙස ඇමතිකමක් ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට මහින්ද කොමිසම ඉදිරියට කැඳවා ඇති බව ය. රනිල් ඒ බව දන්නේ තම මිතුරාගේ භාර්යාව ඔහුට ඒ බව කී බැවින් ද? එසේත් නැත්නම් එය ඔහුගේ හුදු හිතළුවක් ද? 

ඒ කුමක් වුවත් අල්සක් ගැනීමට අල්ලසක් දිය යුතු ය. අල්ලසක් ගැනීම මෙන් ම දීම ද වැරැද්දකි.  තිස්ස අත්තනායක ගත්තා යැයි කියන අල්ලස දී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ය. එසේ නම් රනිල් කියන පරිදි මහින්ද හුදු සාක්‍ෂිකරුවකු නො වේ. මහින්ද චූදිතයකි. රනිල් කියන්නේ මහින්ද අධිකරණයකට ගොස් කොමිසමට විරුද්ධව තහනම් නියෝගයක් ගත යුතු බව ය. මහින්ද එසේ කළ යුතුව ඇත්තේ ඇයි? ඔහුට කරන්නට ඇත්තේ නීතියට එරෙහිව ක්‍රියාකරන කොමිසම ඉදිරියට නො යෑම ය. 

යමපාලකයන්ට හෝ ඔවුන් පත්කළ කොමසාරිස්වරියකට හෝ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ව ඇමතිකමක් ගැනීම හෝ දීම හෝ අල්ලසක් දීමක් හෝ ගැනීමක් හෝ නම් දි මු ජයරත්න අගමැති ව සිටිය දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව  මෛත්‍රිපාල විසින් රනිල් අගමැති ලෙස පත්කරනු ලැබීම හා ඒ පත්විම ලබාගෙන අගමැති ලෙස දිවුරුම් දීම කුමන ගණයේ වරදක් ද? රනිල් අගමැතිකම භාර ගත්තේ අලලසක් ලෙස ද? මහින්ද රාජපක්‍ෂ හා තිස්ස අත්තනායක අඩු තරමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කර ඇත. එහෙත් මෛත්‍රිපාල හා රනිල් කටයුතු කර ඇත්තේ ව්‍යවස්ථාවට පටහැණි ව ය. 
,
මහා බැංකුවේ අධිපති ලෙස රනිල් විසින් පත්කෙරුණු සිංගප්පුරු පුරවැසි අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් නිවැරදි කරු වී ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලය ගැන සැකයක් ඇති කරවමිනි. මේවා ඇස්බැන්දුම් පමණ ය. මේ යමපාලකයන් දින සියයක් තිස්සේ කටයුතු කර ඇත්තේ ඇමරිකාවේ ජෝන් කෙරීට එංගලන්තයේ කැමරන්ට් හා ඉන්දියාවේ මෝදිට අවශ්‍ය  අන්දමට දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ මහින්දට විරුද්ධව ය. කෙරී මෙරට වැඩකටයුතු තමන්ට අවශ්‍ය අන්දමට තව දුරටත් මෙහෙයවීමට  ලබන මස ලංකාවට පැමිණීමට නියමිත ය. ඔහු මෛත්‍රිපාලට අතට අත දෙන්නේ කෙසේ ද යන්න ගැන රට ම විමසිල්ලෙන් සිටියි. 

අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කොමසාරිස්වරියගේ ක්‍රියා කලාපයට එරෙහිව පාර්ලිමේන්තු සභා ගැබේ විරෝධතා ව්‍යාපාරයක නිරත ව සිටිති.  19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය හෙට (21 වැනි දා) නොකෙරීමට ඇති ඉඩ ඉතා අධික ය. විවාදය පැවතුනත් ශ්‍රී ල නි පක්‍ෂයේ බහුතරයක් සංශෝධනයට එරෙහිව ඡන්දය දෙනු ඇතැයි විශ්වාස කෙරෙයි. රනිල්ගේ පත්කිරීම් ගැන ඇත්තේ ඉතාම අඩු ලංසුවෙන් කිවහොත් කළකිරීමකි. රනිල්ගේ මිතුරාගේ භාර්යාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුව පියවර ගත යුතු ය. මාදුළුවාවේ සෝභිත හිමියනි, රතන හිමියනි, ඔබවහන්සේ සාධාරණ සමාජයක් හා පිවිතුරු හෙටක් වෙනුවෙන් තවමත් ලංකාවේ වැඩ වාසය කරන සේක් ද?   

නලින් ද සිල්වා 


2015 අප්‍රේල් 20




හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.