LNN SPY

රනිල් පරදවන්න එජාප රනිල් විරෝධීන් විශ්වාස භංගයට සහය දෙයි

පිං අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වි තිබෙන විශ්වාස භංග යෝජනාව කඩාකප්පල්කිරිමට ආරම්භ කල මෙහෙයුම් අසාර්ථක වි තිබෙන බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ඊට හේතු වි ඇත්තේ විශ්වාස භංග යෝජනාවට රනිල් විරෝධීන් ද සහය දක්වන නිසා බවද ඔහු සදහන් කළා.

ඊළඟ මහා මැතිවරණයට තරග කිරිමෙන් ලබන පරාජයෙන් පසුත් රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙම රැදි සිටිනු ඇති බැවින් මෙම විශ්වාස භංග යෝජනාවෙන් පරාජය වි හෝ පක්ෂ නායකත්වය අතහැර යනු ඇති බවට එජාප ප්‍රභලයන් විස්වාසය පලකරනවා.

මේ හේතුවෙන් ගෙවුනු දිනකිහිපය තුල විශ්වාස භංග යෝජනාව පරාජය කිරිම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා රැසක්ම එජාප නායකත්ව විරෝධී කණ්ඩායම් මගහැර ගොස් තිබේ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි වීශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීම සඳහා මන්ත්‍රීවරුන් 120 දෙනෙකු ඊට එකඟතාව පළ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද අනාවරණය කළා.

කොළඹදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර එම මාධ්‍ය හමුවට එක්වූ මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ අදාළ විශ්වාසභංගයෙන් අගමැතිවරයා ඉවත් කර විකල්ප රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්මත වූ පසු කැබිනට්ටුව විසුරුවා හැරෙන බවත්, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හිමි පුද්ගලයාට අගමැති තනතුර ලබාදිය යුතු බවත්, ඔහුන් පෙන්වා දුන්නා.

Top