Breaking
24 Feb 2025, Mon

මාධ්‍ය සංදර්ශණ හා බිලියන් දහඅට සන්නිය

අපි අසනීපවුන වහාම අවශ්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යවරැ සොයා යන්නෙමු. අයෙක් ශාරීරික රෝග සඳහා එසේ වෛද්‍යවරැ පිහිට පතයි. නමුත් බොහෝදෙනෙකු තමන්ට වැලඳීඇති රෝගය මානසික බව නොදැන, එය ඉතා පහසුවෙන් සුවකලහැකි බවද නොදැන, මාධ්‍ය සංදර්ශණ පවත්වා තම මානසික රෝගිත්වය මුඵ රටටම බෙදා දෙති. 

පසුගිය දිනෙක එවැනි ‘යහපාලන’ මාධ්‍ය සංදර්ශණයකදි මහින්ද ඇතුඵ රාජපක්‍ෂවරැ විදේශවල සඟවා ඇති මුදල් ඇමරිකානු ඞොලර් බිලියන දහඅටකට වැඞිබවට සාධක ඇතිබව සදහන් කරයි. එක සාධකයක්වත් ජනතාවට හෙලිකර නැත. හෙලිකරන්නේද නැත. මේ සම්මජාතියේදි හෙලිකල හැකිදනොවේ. ඒ හොයාගන්න නොහැකිවනසේ සඟවා ඇතිනිසා නොවේ. එසේ සඟවා නැති නිසාය.

සෑම මුල්‍ය ආයතනයකම අවසාන පාලකය ඇත්තේ බටහිර රටකය. එනම් සෑම මූල්‍ය ගනුදෙනුවක්ම බටහිරින් පලනයවන මූල්‍යආයතනයකට නිරීක්‍ෂනය කලහැකිවේ.  එවැනි මූල්‍යය කටයුත්තක ආරම්භයත් එහි ව්‍යාප්තියත් අවසානයත් බටහිරින් පාලනයවන මූල්‍ය ආයතනවලට පාරදුශ්‍යය. මූල්‍ය විස්තර යහපාලනයට අවශ්‍ය විටක පහසුවෙන් ඔවුන්ගේ බටහිර ස්චාමිවරැන්ගෙන් ලබාගත හැක. මාසගනන් වසරගනන් බලා සිටියයුතු නොවේ. නමුත් රාජපක්‍ෂවරැන් කරනැති මූල්‍ය වංචාවක් මේ කල්පය ගෙවෙන තෙක් බලාහිටියත් පහල නොවනු ඇත. ඔවුනගේ මූල්‍ය පරිහරනය සෑමවිටම ශ්‍රී ලංකාව තුලත් කැබිනට් අනුමැතිය යටතේත් සිදුවී ඇතිබව පසුගිය දිනවල මාධ්‍ය කරැනු බුද්ධියෙන් විමසීමෙන් පෙනීයයි.

අරාබියේ ඇතිකල සයිබර් වසන්තය අදටත් පවත්වාගෙන යන්නේ මෙවැනි බේගල් නැවත නැවතත් ජන මනස තුල ප්‍රතිෂ්ඨාපනය කිරීමෙනි. ජනතාව සත්‍යය දුටුව දින අරාබි වසන්තය මත ගොඞනැගූ මාලිගා සියල්ලම සිඳීබිදී යාම වලක්වනු නොහැක. ඒ නිසා හැකිතාක්කල් ජනතාවගෙන් සත්‍යය වසන්කරතැබීමට මෙවැනි බේගල් ව්‍යා‍ප්තකරන මාධ්‍යසංදර්ශණ යහපාලකයින් විසින් පවත්වනු ඇත. ජනතාව බුද්ධියෙන් සිතිය යුතු කාලයකි.

වත්මන් යහපාලකයින් මෙන් නොව සහේතුක ප්‍රතිසන්ධි සිත් ඇතිව බිහිවූ ජනනායකයින් රටේ ජනතා ධනය එම ජනතාවගේ සුභසිද්ධිය සදහාම පමනක් යෙදවිය යුතු බව පසක් කරගත් අයයි. එ නිසා අප සිංහල බෙෳද්ධ නායකයින් අරාබිකරයේ පාලකයින් සමඟ සැසදීමට ඉඞ නොතැබිය යුතුය. අරාබි වසන්ත ඇතිවූ රටවලද සයිබර් කමන්ත්‍රණ වලින් පහකරනු ලැබූ පාලකයින් බටහිරට අවශ්‍ය ලෙස තම රටේ ධනය බටහිර තැන්පත් කලේනම් එවැනි රටවල අරබි වසන්තයන් ඇතිවීමට අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත. මහින්ද රාජපක්‍ෂ බටහිරට අවශ්‍ය පරිදි අප රටේ ධනය බටහිර රටවල තැන්පත් නොකිරීමම ඔහුගේ පරාජය සදහා සයිබර් වසන්ත කලමනාකරැවන් යොදාගත් එක් හේතුචක් විය.

රටේ තැන්තැන්වල මයිම් ගම්මානවල පෙතිගසා සිංහල පවුල් පිටින් මරාදැමූ, සංඝයාවහන්සේලා කඞුගා මහමග  වෙඞිතබා මරාදැමූ, බස්වල කොච්චිවල බෝම්බ වලට ගොඳුරැවී කැබලිවී ගිය මිනිසුන්ගේ කෑලි ආදාහනය කරමින් සිටි මිනිසුන්ගේ දේශයක මරබියෙන් දිවිගෙවූ අපට අභයදානය ලබාදුන් අපූරැ මිනිසෙකුට මීටත් වඞා නිගරැවක් අපට කල හැකිද? හඳවතින් අහන්න.

‘යහපාලකයින්’ විසින්ම වීඞියෝ දර්ශණද සහිතව අපට පෙන්වාදුන් පරිදි මහින්ද වරායෙන් ඉවත්කල ගඞොල් යොදවා කඞවත අරාමයක් තනා බණ භාවනාවල නියැලුන උත්තමයෙක්බව අපද දැන ගත්තේ ‘යහපාලන’ මාධ්‍යය තුලිනි. එවන් දැහැමි රාජ්‍යනායකයින් මහින්දට පෙර අපට හමුවන්නේ කුරැණෑගල යුගයෙනි. එවන්නන්ට ගෙෳරව දක්වනවා වෙනුවට අප කරන්නට මානබලන්නේ අර සිංහලයේ අන්තිම රජාට කලාවගේ කන් ඉරා බිමදමා පග පාගා මහමගදිගේ ගගහා ඇදගෙන ගොස් දඞුවම් කරන්නටය. මේ සිංහල බෙෳද්ධ සිරිතද? වෛරී දේශපාලනයක ඉපිදී, ද්වේශයෙන් පෝශණවී, පලිගැනීම වනපොත්කල මොවුන්ගෙන් අර්තවත් යමක් බලාපොරොත්තු විය හැකිද?

සත්පුරැෂ මිනිසුනේ, ඔබගේ හදවතට අතතබා අහන්න මේ පින්වත් දේශයේ මෙහෙම පාපකාරි කටයුතු වලට ඉඩ ලැබුනේ කෙසේද? මේවා අහන්න දකින්න අපි මොනතරම් සාමූහික අකුසලයකට සම්මාදම් වෙන්න ඇතිද? එදා ජනවාරි අටවනදා අපි හැමෝටම වැරදුනා. ඒ වරද හදාගන්න ජාතියේ නාමයෙන් එකතු වෙන්න කාලය ඇවිල්ල.

අපේ ජනතාව බුද්ධිමත්ව සිතන්න පුරැදුවන තාක්කල් මෙවැනි මාධ්‍ය සංදර්ශණ වල අඞුවක් නොවනු ඇත.

ඔබට සුභ පැතුම්
තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට
2015 මැයි මස  8 වනදා

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.