Breaking
24 Feb 2025, Mon

හොරාගේ අම්මාගෙන් පේන අසා අර්ජුන් සුද්ද කරයි!

දින 100 ඉක්මවා යැමට ඔන්න මෙන්න් කියා තිබියදි ඉතා ඉක්මනින්ම අර්ජුන් නිදහස් කර ගන්නට යහපාලන ටොයියන් කටයුතු කර තිබේ.

චෝදනා එල්ල වී ඇති මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ‍්‍රී ලංකා මහබැංකුව නිකුත් කරන ලද ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව සඳහා ඍජුව දායක වී නැතැයි එ් පිළිබඳ සොයාබැලීමට පත්කළ ති‍්‍රපුද්ගල කමිටුව අද සිය දැනුම්දිම කරමින් කියා තිබේ.පිටු 19කින් යුත් කමිටු නිර්දේශ ඇතුළත් වාර්තාව මගින් මේ බව සඳහන් කර ඇත.මහ බැංකු බැදුම්කර වෙන්දේසියේදී දුෂණ සිදුවී ඇත්දැයි සෙවීමට පත් කළ කමිටුව යනු රනිල්ගේ ගෝල බාලයන්ගේ කමිටුවක් බව අප අවස්ථා ගණනාවක අනාවරණයි කළා.

මේ කමිටුවේ සාමාජිකයින් හට විමර්ශනයට අවශ්‍ය දැනුම සහ  කුසලතාවය නොමැති අතර ඔවුන් පවතින බල ව්‍යුහයන සමග ඉතා සමීප සබඳතා පවත්වන බවද අප පෙන්වා දුන්නා.එ  අනුව රනිල්ට ඔනෑ කල තින්දුව දැන් ලබාදි හමාරය.

කෙසේවෙතත් වසර 30ක බැඳුම්කර නිකුතුව සඳහා පෙර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ඉදිරිපත් කොට ඇති අසාමාන්‍ය වශයෙන් විශාල ලංසුවලට අදාළව ලංකා බැංකුව කටයුතු කළ ආකාරයේ බරපතළ අඩුපාඩු පවතින බව ද වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කමිටු සාමාජිකයින් ලෙස පත් කොට ඇත්තේ ගාමිණී පිටිපන,මහේෂ් කළුගම්පිටිය සහ චන්දිමාල් මෙන්ඩිස්ය.මේ කමිටුව පත් කල ආකාරය සහ බැඳුම්කර  වෙන්දේසියේ සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන  ආකාරය හේතුවෙන් යහපාලනය විහිළුවක් වෙමින් පවතින බව රටේ ජනතාවට නම විහිලුවක් නොවේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.