Breaking
24 Feb 2025, Mon

ඉල්ලා අස්වෙනු! තිස්සට, රනිල් තර්ජනය කරයි

ජනාධිපතිවරණ සමයේ රටේ ජනතාවට හෙලිකල සත්‍ය ලියවිල්ල රහස් පොලිසි මෙහෙයුම හරහා අවසානයේ අසත්‍ය ලියවිල්ලක් බවට පත්කර පසුව තිස්ස කුඩුවේ කුරු ගැනිමට සැලස්විම මෙහෙයුම ක්‍රියාත්මක කළ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තිස්ස අත්තනායක චොදනා වලින් නිදහස් කිරිම සදහා තිස්ස දරණ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වන ලෙසට බලපෑම් කරමින් සිටින බව LNW ඔත්තු සේවා අනාවරණය කරගෙන තිබේ.ඒ සදහා රනිල් පාර්ශවයේ විවිධ පුද්ගලයන් යොදාගනිමින් තිස්සට අනතුරු ඇඟවීම් සහ තර්ජනයන් කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුම් ව්‍යාජ බව රහස් පොලිසිය හරහා ප්‍රකාශයක් නිකුත් කිරිමට කටයුතු කරමින්  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ රවී කරුණානායක විසින් තිස්ස අත්තනායක අත් අඩංගුවට ගනු ලැබුවා.

එජාප ජාතික ලැයිස්තුවෙන් තිස්ස අත්තනායක ඉවත් කර එම මන්ත්‍රී ධුරය සදහා එජාප ජාත්‍යන්තර කටයුතු හා අග්‍රාමාත්‍ය කාර්යාල මණ්ඩල ප්‍රධානි මෙන්ම රනිල්ගේ කොලුවා වන සාගල රත්නායක පත් කිරිමට සුදානමක් පවතින බවද  LNW ඔත්තු සේවා අනාවරණය කරයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.