LNN SPY

චාල්ස් ඇන්තනී බලකායෙන් සුමන්තිරන්ට වරෙන්තුවක්

මිලග මහා මැතිවරණයකදි අනිවාර්යයෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි  එම්.ඒ සුමන්තිරන් පරාජය කිරිමට කටයුතු කරන ලෙස ඊළාම් මාතෘ භූමියේ සියලු දෙනාටම නියෝග කරන බව චාල්ස් ඇන්තනී බලකාය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

ද්‍රවිධ ජාතික සංධානය හේවත් TNA ඉන්දිය රජයේ නියෝග නොසලකා හරිමින් යුරෝපා රටවලට අවශ්‍ය අකාරයට කටයුතු කිරිම හේතුවෙන් TNA සංවිධානය 3කට කැඩිම සදහා රෝ සංවිධානයට පවරා ඇති බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකාරිනි ආසෝ ඛාන් පසුගිය පෙබරවාරියේ අනාවරණය කර සිටියා. එම පුවත කියවන්න – TNA තුනට කැඩේ – අපේ එකඟතා කැඩුවා

උපුටා ගැන්ම චාල්ස් ඇන්තනී බලකාය නිවේදනය

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතිකයින් වන ඔබලා ඉතා වැදගත් තීරණයක් ගත යුතු අනිවාර්ය තත්වයකට පැමිණ ඇත. ඔබලා ගන්නා මෙම තීරණාත්මක තීරණය අනාගතයේදී ඔබලා සඳහා වන හොඳ නරක තීරණය කරනු ඇත.

අද ඊළමෙහි බොහෝ දෙමළ ද්‍රෝහි පක්‍ෂ තම පැවැත්ම වෙනුවෙන් තම පැරණි ප්‍රථිපත්ති වෙනස් නොකර මේ දක්වාම අධිෂ්ඨානශීලීව සිටියි. ඔවුන් එලෙස ප්‍රථිපත්තියෙහි නොවෙනස්ව සිටින විටදී දෙමළ ජාතික සන්ධානය කෙරෙහි විශ්වාසයක් නොමැති වෙනත් පක්‍ෂ වලට සමාන පුද්ගලයෙකු සිටින්නේ නම්, ඔහු දෙමළ ජාතික සන්ධානය අත්හැර අනෙකුත් දේශද්‍රෝහි පක්‍ෂ වලට සම්බන්ධ වුවහොත් ඔවුන්ට එහිදී මහා ගෞරවයක් ලැබෙනු ඇති අතර එම පක්‍ෂය තුල ප්‍රබලයෙකු ලෙස සලකණු ඇත.

එය නොකර, දෙමළ ජාතික සන්ධානය දුර්වල කිරීම සඳහා විකල්ප පක්‍ෂ වලට නොවෙනස් ප්‍රථිපත්තියක සිටින සුමන්දිරන් වැනි පුද්ගලයින් පිළීබඳව දෙමළ ජාතික සන්ධානය තම දෑස් වසාගෙන ඕනෑම අයෙකුට පක්‍ෂයට සම්බන්ධ වී ඕනෑම දෙයක් ප්‍රකාශ කල හැකිය යන ප්‍රථිපත්තිය අත්හැර ශක්තිමත් දේශපාලන සටන්කාමීන් ඇතුලත් කරගැනීමටත්, තෝරා ගැනීමටත් කටයුතු නොකරන තත්වයේදී ජනතාව වන ඔබලා වැරදි නිවැරදි කිරීම සඳහා මොවුන්ගේ පැවැත්ම විනාශ කිරීමට ඔබලාගේ ඡන්දය ඔවුන්ට දඬුවමක් බවට පරිවර්තනය කරගෙන දඬුවම් කල යුතුය.

එබැවින්, පැවැත්වීමට නියමිත මෙම මැතිවරණය තුලින් පසුගිය කාලයේ ඔබගේ දැක්මටත්, අත් දැකීමටත් ද්‍රෝහිකම් කල කිසිවෙකුට අනුකම්පාවක් ‍නොදක්වා ඔවුන්ට ඡන්දය ලබාදීමෙන් වැලකී, ඔවුන්ව දෙමළ ජාතික සන්ධානයෙන් පලවා හරින්න. ස්තූතියි චාල්ස් ඇන්තනි බලකාය

උපුටා ගැන්ම අවසන් 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top