Breaking
6 Feb 2025, Thu

විමල් වහාම අත් අඩංගුවට ගන්න චන්ද්‍රිකාගෙන් රවී කුක්කාට නියෝගයක්

මහා මැතිවරණයකට පෙර වහාම විමල් විරවංශ මහතාව අත් අඩංගුවට ගැනිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග තමන්ගේ සුරතල් කුක්කා වන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස ප්‍රධානී රවී වෛද්‍යාලංකාරට දැනුම් දි තිබෙන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව, නිවාස හා ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබූ ‘ ඕෂන් වීව් ඩිවෙලොපර්ස්’ සමාගමේ පසුගිය කාලයේ සිදු ව ඇතැයි කියන මූල්‍ය වංචා අක‍්‍රමිකතාවක් හරහා විමල් අත් අඩංගුවට ගැනිමට නියමිතයි.

එම සමාගම, මත්තෙගොඩ හා කහතුඩුව ප‍්‍රදේශයන්හි ඉදි කළ ‘හරිත කැදැල්ල’ නම් සුඛෝපභෝගී නිවාස යෝජනා ක‍්‍රමයට අයත්, රුපියල් මිලියන 71 ක් වටිනා නිවෙස් හයක් පැවරීමේදී පැහැදිලි මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පසුගිය අපේ‍්‍රල් තිස් වැනිදා, කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් සදහන් කර තිබේ.

රජයට ලැබිය යුතුව තිබූ ආදායම අහිමි කිරීම හා මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේ සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ වනවිටත් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.