Breaking
23 Feb 2025, Sun

විස්සත් එපා…. විශ්වාසභංගෙත් එපා…. වහාම පාර්ලිමෙන්තුව විසුරුවනු

රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර ගැටුමක් පැන නැගී ඇත. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙනි. එය අද ඊයේ පැන නැගුණක් ද නො වේ. එහෙත් එක්තරා අයුරකින් ගත්කල එය සාකච්ඡා කළ යුත්තක් ද නො වේ. ඒ අවසානයේ දී රනිල් ජයග්‍රහණය කරන බැවිනි. එහෙත් සංධානයේ කිසිවකු මෙවැනි ගැටුම් පිළිබඳ සුළුවෙන් වුවත් අවධානය යොමු නො කිරීම ප්‍රශ්නයකි. 

මේ ප්‍රශ්නය සංධානයට වැදගත් වන්නේ විසිවැනි සංශෝධනය හා රනිල්ට එරෙහිව ගෙන ඒමට බලාපොැරාත්තු වූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි. විසිවැනි සංශෝධනය කුමක් දැයි තවමත් කිසිවකු දන්නා බවක් පෙනෙන්නට නැත. එහි අන්තර්ගතය හරිහැටි දන්නේ කවු ද? දෙමළ හා මුස්ලිම් නියෝජනත්වය වැඩි කිරීම සඳහා මන්ත්‍රි සංඛ්‍යාව තිහකින් ඉහළ දැමීමට සාකච්ඡා වෙයි. සමානුපතික ක්‍රමය වෙනුවට මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට සමරුන්ට අවශ්‍ය ය. 

චම්පක, ප්රාජිත හා එස් බී දිසානායක යන ඇමතිවරුන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී හකීම් සමග විස්ස සම්බන්ධයෙන් ගැටුණු බව වාර්තා වෙයි. එහෙත එය ඔවුන් අතර වූ ගැටුමක්වත් විස්ස සම්බන්ධයෙන් වූ ආරවුලක්වත් නො වේ. ඒ ගැටුම රනිල් හා මෛත්‍රිපාල අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ව වූ ගැටුමකි. ඒ එක්තරා ආකාරයකින් ගතහොත් ආණ්ඩුවේ ඉන්දීය පාර්ශ්වය හා බටහිර පාර්ශ්වය අතර  වූ ගැටුමකි. එහෙත් එයට ඉන්දියාව සෘජුව සම්බන්ධ යැයි එයින් නො කියැවෙයි.  

මෙහි දී එස් බී හුදෙක් මෛත්‍රිපාලගේ ආධාර කරුවකු පමණක් වෙයි. මෛත්‍රිපාල, ප්රාජිත, චම්පක හා රතන හිමියෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල්දැමීමට කටයුතු කරති. ඒ් ඔවුන් තවමත් මැතිවරණයකට සූදානම් නැතිවීම නිසා ය. රනිල්ට ඉක්මණින් මැතිවරණයක් අවශ්‍ය ය. ඔහුට අනුව ඉක්මණින් මැතිවරණයක් පැවැත්වීම එ ජා පක්‍ෂයට වාසි සහගත ය. මහින්ද කණ්ඩායමට ද ඉක්මණින් මැතිවරණයක් අවශ්‍ය ය. ඒ අතර මහින්දට මෙන් ම මෛත්‍රිපාලට ද විස්ස අවශ්‍ය ය. එහෙත් එ ජා පක්‍ෂයට විස්ස අවශ්‍ය නො වේ.

මේ කිසිවක් රට ගැන කල්පනා කර ගන්නා තීරණ නො වේ. ශ්‍රී ල නි පක්‍ෂයට මිශ්‍ර ක්‍රමය වාසි සහගත වන අතර, එ ජා පක්‍ෂයට සමානුපාතික ක්‍රමය අවශ්‍ය ය. විස්ස පිළිබඳ තීරණ ගැනෙන්නේ ඒ අනුව ය. ඒ අතරට රනිල්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාව ද පැමිණ ඇත. රනිල් එයට අකමැති බව අමුතුවෙන් කිවයුතු නො වේ. එබැවින් ඔහු විශ්වාසභංගය ගෙනෙන්නේ නම් විස්සට විරුද්ධ වන බව කියයි. පැහැදිලිව ම බටහිරයෝ ද විශ්වාසභංග යෝජනාවට අකමැති වෙති. එබැවින් ඒ සියල්ලෝ ම මෛත්‍රිපාල මගින් බලපෑම් කරති. විස්ස අවශ්‍ය නම් විශ්වාසභංගය ඉවත්කර ගන්නා ලෙස ඔවුහු කියති. නිමල් සිරිපාල එයට එකඟ වනු ඇත. 

එහෙත් විස්ස ගෙන ඒමට එ ජා ප සහාය දේවි යැයි එයින් නො කියැවෙයි. මෛත්‍රිපාල, චම්පක, ප්රාජිත කණ්ඩායම විස්ස සම්මත කිරීමෙන් තොරව පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට බොරු ඝෝෂාවක් නගති. මෛත්‍රිපාල, මහින්ද, රනිල් යන තිදෙනා අතරෙන් ජනබලය අතින් දුර්වල ම මෛත්‍රිපාල ය. ඔහුට ඇත්තේ විධායක බලතල පමණ ය. එහෙත් එයින් කළහැකි දේ සිමාසහිත ය. එහි ප්‍රතිඵලයක් ලෙස බටහිරයන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලකල විට මෛත්‍රිපාලට කරන්නට වෙනත් දෙයක් නැත. රතන හිමියන්ගේ පාගමන් කතාබහට සීමා වනු ඇත. 

අප දේශපාලනයේ එදිනෙදා සිදුවන දෙයින් නොමග යා යුතු නො වේ. එහෙත් සිංහලයන් පුරුදු වී ඇත්තේ එදනෙදා සිද්ධි පිටුපස යෑමට ය. ප්‍රධාන ප්‍රශ්නය විස්සවත් විශ්වාසභංග යෝජනාවවත් නොව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ය.  

නලින් ද සිල්වා


2015 මැයි 31

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.