Breaking
23 Feb 2025, Sun

ඇමතිකම් ගත් ශ්‍රිලනිපයේ අමනයන් මහින්ද රාජපක්ෂට සහය දැක්වු පිරිස් වලට එරෙහිව චොදනා කිරිමට හෝ විනය ක්‍රියාමාර්ග ගැනිමට උත්සහ කල හොත් ඊට එරෙහිව සටන් කිරිමට තමන් සුදානම් බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රභල අමාත්‍යවරයෙකු මෙන්ම ඊයේ රත්නපුර රැලියට සහභාගි වු මන්ත්‍රිවරයෙකු  Skype හරහා එක්වෙමින් අවධාරණය කර සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක ලෙස නම්කරන්නැයි ඉල්ලමින් ඊයේ (26) රත්නපුර පැවැති රැලියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහජන නියෝජිතයන් සහභාගි වී ඇත්නම් ඒ සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් දෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික, කම්කරු ඇමැති එස්‌. බී. නාවින්න මහතා මාධ්‍යට කියා තිබුනා.

ඊයේ රැලියට එක්වු අයට දඩුවම් කිරිමට අද දවස පුරාම ශ්‍රිලනිප ප්‍රබලයන් යැයි කියාගත් පිරිසක් අද දවස පුරාම සාකච්ඡාකර ඇති බවත් මෛත්‍රී රටේ නැති වෙලාවේ මුන් එක දාගන්න හදන බවටද ඔහු චොදනා කර සිටියා….

ඇමති නාවින්නට නාලා තමා එන්න වෙන්නේ ..ඇමතිකම ලැබුන ගමන් ඔලුව ගලක වැදිලා….පිස්සු දොඩවනවා…..

ඊයේ රත්නපුරයට පැමිණි ඇති විශාල ජන ගංගාව දැක හොරිකඩ යහපාලන නඩයට පිස්සු ඩබල් වී ඇති බැවින් රත්නපුරය නගරයට පැමිණි ජනතාව සමග අත්වැල් බැදගත් පාර්ලිමේන්තු,පළාත්සභා ,ප්‍රාදේශීයසභා,සහා නගරසභා, මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ කරන බව කියමින් ඔහුන් බය ගැන්විමට කටයුතු කරන බවයි මන්ත්‍රිවරයා අවධාරණය කළේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.