Breaking
24 Feb 2025, Mon

යහපාලන පුත්‍රරත්නයත් මහජන මුදලින් ජිනීවා සවාරි නඩේ

මෙම වසරේ ජුනි මස පැවැත්වෙන ජගත් කම්කරු සංවිධානයේ (ILO) 104 වන සමුළුව සඳහා සහභාගිවීමට නියමිත යයි වැඩබිම වෙබ් අඩවියේ මිට ඉහත පලකල කණ්ඩායමේ අක්තපත්‍ර ජනපතිවරයාගේ නිල අනුමැතියෙන් රටේ වැඩකරන පන්තිය නියෝජනය කිරිම සඳහා නිකුත් කර ඇති අතර විසා ලබාගැනීමේ කටයුතු මේ දින වල ලහි ලහියේ සිදුවෙමින් පවතී.

මේ අතර මෙම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා නියෝජනය කිරිම පිණිස උපදේශකයකු ලෙස එක්තරා ප්‍රභූ වෘත්තීය සමිති නායකයකුගේ පුත්‍රරත්නයත් යහපාලන ජනපති වරයාගේ ආනුභාවයෙන් හා බදු ගෙවන හුදී මහ ජනයාගේ වියදමින් සියලු ගුවන් ටිකට් පත් සහිතව සති දෙකක ස්විට්සර්ලන්ත සවාරිය සඳහා වාසනාව හිමිකරගෙන සිටි.

ප්‍රභූ වෘත්තීය සමිති නායකයා හඳුනන කම්කරු පන්ති විඥාණය කෙසේ වෙතත් බයිසිකල් චේන් භාවිතාව සඳහා නම් දරා ඇත්තකු බව සමිති ක්‍රියාකාරිකයෝ පවසති.

වැඩකරන ජනයා ගේ මුවාවෙන් මෙලෙස මහජන මුදල් කාබාසිනියා කිරීම ඉදිරියේ ඇස් කන් පියාගෙන සිටීම ගැන ජනපති හා අගමැති ප්‍රමුඛ රජයේ හක්කේ ඇති යහපාලන බුදුරැස් හරහා බොක්කේ ඇති මාංශ වර්ගය සැකයකින් තොරව පෙනෙන්නට ඇති බව වැඩබිමට අදහස් දැක්වූ තවත් සමිති ක්‍රියාකාරිකයකු පැවසිය.

මිට ඉහතදීත් වෘත්තීය සමිති සම්භවයක් ඇති කම්කරු ඇමතිවරයකුත් වරින් වර සිය පුතුන් දෙදෙනාත් මෙලෙස ILO සමුළුව සඳහා මහජන මුදලින් ස්විට්සර්ලන්තය කැටුව ගිය අතර තවත් වාමාංශික යයි කියාගන්නා පසුබිමක් ඇති කම්කරු ඇමතිවරයකු සිය බිරිඳ කම්කරු අමාත්‍යංශයේ සේවා වනිතා සංගමයේ සභාපති යන පදනමෙන් ජිනීවා කටුව ගිය අතර, අනතුරුව සිදුවූ ජනමාධ්‍ය ප්‍රශ්න කිරීම් ඉදිරියේ රජයෙන් වියදම් කල මුදල් නැවත ගෙවා දමා සිද්ධිය යටපත් කර ගත්තේය.

යහපාලන රජය යටතේත් මෙම අශෝභන ක්‍රියා පිළිවෙත කිසිදු හිරිකිතයකින් තොරව නැවත හිස එසවීම ඉතා කනගාටුදායක වන අතර, වැඩබිමට ආරංචි වන අන්දමට තවත් වෘත්තීය සමිති ප්‍රභූ වරයකු සිය පුත්‍රරත්නයත් ලබන වසරේ ස්විට්සර්ලන්ත ILO සමුළුවට මහජන මුදලින් යැවීමට අදිටන් කරගෙන සිටින අතර එම පින්වත් පුතා දැන් සිටම ලබන වසරේ චාරිකාව සඳහා දත කට මදිමින් සිටින බව වාර්තාවේ.

මේ ආකාරයෙන් මහජන බලය හා ධනය අවභාවිතා කරමින් වැඩකරන පන්ති අභිලාෂයන් අමු අමුවේ පාවාදීම්  හා අපයෝජනයන් ඉදිරියේ වෘත්තීය සමිති නායකයින් රැසක්ම මුනිවත රකිමින් ඇඳ ගොළු බිහිරි නඩයක් සේ හැසිරෙන්නේ බලයට පත්වන කුමන රජයක් ඉදිරියේ හෝ සුවච කීකරු එහෙය්යන් සේ හිඳිමින් ලබන වසරේ දීත් නැවත තමුන්ව මෙම ස්විට්සර්ලන්ත සවාරි නඩයට තෝරාගනු ලැබීමේ වාසනා සුදුසුකම ආරක්ෂා කරගෙන දුප්පත් බදු ගෙවන්නන්ගේ වියදමින් හොඳ ජොලියක් දමා රුපියල් ලක්ෂ කිහිපයක් ඉතුරු කරගෙන ස්විස් චොකලට, අත් ඔරලෝසු දොතපුරා රැගෙන ලංකාවට ඒමට ඇති සංසිදුවිය නොහැකි ගිජු කම නිසා බව තතු දත් සැබෑ සමිති ක්‍රියාකාරිකයෝ පවසති.

~~වැඩබිම~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.