LNN SPY

මැතිවරණ සටනට කූජීත යහපාලනය පාතාල මෙහෙයුමක් අරඹයි

පැවැත්විමට නියමිත මහා මැතිවරණයෙන් මහින්ද කණ්ඩායම පරාජය කිරිම හීනයක් බැවින් රාජපක්ෂ මහතා අහ් ඔහුගේ දේශපාලන ගමනට දායකත්වය දක්වන කණ්ඩායම් මර්දණය කිරිම සදහා මෙතෙක්‌ කලක්‌ විදේශ රටවලට පැන ගොස්‌ සැඟවී සිටි දරුණු පාතාල අපරාධකරුවන් 8 දෙනකු ඉකුත් සතියේ හිටි හැටියේම යළි මෙරටට ගෙන්විමට යහපාලන ආණ්ඩුවේ ප්‍රධානින් කිහිප දෙනෙකුම කටයුතු කර තිබේන බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

මෙම පාතාල අපරාධකරුවන් අතර මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම් කරුවන් සහ  කුලී ඝාතන හා කප්පම් ගැනීම් වැනි දරුණු අපරාධවලට සම්බන්ධ වූවන් වන අතර මෙම පාතාල අපරාධකරුවන් ඉකුත් කාලයේ සිදුකෙරුණු පාතාල මර්දන මෙහෙයුම්වලින් බේරීම සඳහා විදේශ රටවටල ගොස්‌ සැඟවී සිටි අය වේ.

රත්මලානේ ආමී සුදා නමින් ප්‍රකටව සිටි මිනිමරු පාතාල නායකයා, බ්ලූමැන්ඩල් කුඩු සුදා,සොත්ති බුවා,සහ බඩෝවිට වැනි ප්‍රදේශවල සිට ක්‍රියාත්මක වූ පාතාල ප්‍රබලයන් කිහිප දෙනකුද මේ අතර සිටින බව වාර්තා වේ.

මෙම පාතාල කණ්ඩායම් යලි දිවයිනට ගෙන්විම පසුපස එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අමාත්‍යවරයෙකු සහ නීල නොලත් ආකාරයට යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීගේ රජ ගෙදර පිලේ බලු නකුටෙකු මෙන් ලගීන මැරකම් සදහා ප්‍රසිද්ධියක් දරණ සහ රාජපක්ෂ සමයේ මැරකම් මර්දණය කිරිම හේතුවෙන් පැත්තකට වී දිය යටින් ගින්දර අදිමින් කුමන්ත්‍රණය කල මන්ත්‍රිවරයෙකු සිටින බවද වාර්තා වේ.

මේ අතර මිනිමැරිම් 12ක්,ස්ත්‍රි දුෂණ,හොරකම් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් 2014 වර්ෂයේ අත් අඩංගුවට ගත් දෙමටගොඩ “රතු චයිනා” හේවත් හෙන්ද්‍රිවිතාරනලාගෙ සුමේධ ප්‍රියංකර නැමති පාතාල නායකයා වැලිකඩ බන්ධනාගාරයෙන් පසුගියදා රැගෙන ගොස් තිබේන බවද අප අනාවරණය කළා. 

එම පුවත කියවන්න –පාතාල නායක “රතු චයිනා” වැලිකඩින් පන්නයි -ආ ගිය තැනක් නෑ

Top