Breaking
23 Feb 2025, Sun

භූ දේශපාලනයේ කෙල පැමිනි මැදමුලන ගැමියා

දේශපාලන බල කනු ,මාධ්‍ය ඔස්තාර්ලා , තරු ජෙනරාලලා පමනක් නොව කෙස් පැහුනු තානාපතින්ගේද තක්සේරුව මහින්ද  ඉන්දියානු සාධකය  වැරදියට හැන්ඩ්ල්  කල බවය.මොවුන් පවසන ආකාරයට ඉන්දියාව  සුපිරි බලවතෙකි,ලොව තුන්වන විශාලතම හමුදාව ඔවුන් සතුය.තම  භූමියේ පමනක් නොව ඉන් එපිට බලයද  සිය  චරපුරුශ ජාලය සතුය.

අද  ඇමෙරිකාවද   බිය වී ඔවුන් පසු පස වැටී ඇත.කලාපයේ  අයියා ඉන්දියාවය. එහෙයින් මහින්දට  තිබුනේ චිනය සමග පෑහීම නොව  ඉන්දියාව  සමග පෑහීම බවය.මහින්දට නොවූ මොලය සිරිසේනට පෑදුනු බවය.සැබැවින්ම එය එසේද? මෙය අමූලික බොරුවකි, මක්නිසාදයත් .. 

ඉන්දියාව යනු මරණ තුනක් සමග ජීවත්වන රටකි.ඉන්දියානුවන් යනු උතුරින් චීන්නුන් , බටහිරින් පක්කන්  නැගෙනහිරින්   බංගලියන් ගෙන්  අම්බානක ගුටි කන ජාතියකි. සිතියම් ගත  දේශසීමාවට අනුව ඉන්දියාවට නීත්යානුකූලව අයති කාෂ්මීර භූමියෙන් 29%  භුක්ති විදිනුයේ චින්නුය.  18 % භුක්ති විදිනුයේ පකිස්ථානුවන්ය. ඉතිරි වූ  53% ආරක්ෂා කරගැනීමට ඉන්දියාව නොනවතින අරගලයක නියුතුය.බටහිරින් වන පකිස්ථාන දේශසීමාවේ රජකරන  ඉස්ලාමීය ත්රස්තවාදය,අනවසර ගිනි අවි සංසරනය  සහ හෙරොයින් ජාවාරමින් ඉන්දියාව හෙම්බත්ව ඇත. තවද පකිස්ථානය සිය වරාය , ගුවන්තොටුපල සියල්ල චීනයට බදු දී ඇත. 

ලක්ෂ 16 ක පමන අනවසර සංක්රමනිකයන් පිරිසක්  බංගලදේශයෙන් ඉන්දියාවට පැමින ඇති බවට ගනන් බලා ඇත.බංගලියන් ඉන්දියාවට පැමිනෙන්නේ හිස් අතින් නොවේ, ඉස්ලාමීය අන්තවාදය, ඒඩ්ස්, මත් ද්රව්ය වැනි සමාජ උවදුරුද රැගෙනය. දිනකට පැමිනෙන අනවසර බංගලියන් ගනන දහසකට ආසන්නය. ඉන්දියානු බලධාරීන් විසින්  බංගලියන් පිටුවහල් කිරීමේ  අනවරත මෙහෙයුමක නිරතය. මෝඩි අගමැති වූ දින සිට ලක්ෂ 9 කට ආසන්න බංගලියන් පිරිසක් පිටුවහල් කොට ඇත. බංගලියන් එලවීමේ  මෙහෙයුම ලාහට ගෙම්බන් එකතු කිරීමකි.දාහක් එලවන විට පන්සීයක් නැවත රිංගයි.ඒ අනුව ඉන්දියාවේ උතුරු ,නැගෙනහිර හා බටහිර දේශසීමා පවතින්නේ අතිශය භයානක සහ අස්ථාවර තත්වයකය. 

ඉන්දියාවට යාන්තමින් හෝ සැනසුම් සුසුමක් හෙලීමට තිබුනේ දකුන දෙස බලා පමනි. සමස්ථ ඉතිහාසය තුලම දකුනේ පැවතුනේ සිල්ලර පටලැවිල්ලකි. ඒ දෙමලුන්ගේ කරච්චලයයි. එදා මෙදා තුරම  දිල්ලි රජය කලේ ලංකාවට සත්තමක් දමා  දෙමලා ඇන්දවීමය, මේ සෙල්ලමේ තුරුම්පු තිබුනේ ඉන්දියාව සතුවය.දිල්ලිය හෙලයාට වුවද දෙමලාට වුවද සැලකුවේ අත පල්ලෙන් වැටුනු ජාතින් ලෙසය. මහින්ද ඉන්දියාවට පහර දුන්නේ නිල බලාය. ඔහු කලේ දකුනු දෙසින් ඉන්දියාවට තිබූ පටලැවිල්ල මෙන් සිය දහස් ගුනයකින් වැඩි පටලැවිල්ලක් නිර්මානය කිරීමය. එනම් දකුනේ වූ  භූමිය, සාගරය , ගුවන යන සියලු කලාප  වෙත චීනා කැදවීමය.මෙම හැසීරීම හේතුවෙන් ඉන්දියාව  සතර දිශාවෙන්  අස්ථාවර විය.උතුරු දකුනු දෙදිසාවෙම චීන්නු, බටහිරින් පක්කන්, නැගෙන්හිරින් බංගලි. දැන් දෙමලාගේ කංකෙදිරිය දිල්ලියට නො ඇසෙන ගානය.දෙමලාගේ ප්රශ්නය  කේවල් කරනවා වෙනුවට මාරන්තික  චීන තර්ජනය පිලිබද මහින්ද සමග කේවල් කීරීමට සිදුවිය.දැන් තුරුම්පු මහින්ද  සතුය. ඉන්දියාව දැන් දිවි ගෙවනුයේ මරණ හතරක් මැදය. 

නමුත් සිරිසේන මෙම තත්වය කනපිට හැරවීය . එය මනමේ සිදුවීමට  එපිට ගිය පාවාදීමකි . ඉන්දියානු වැද්දාට කඩුව දී ලක් ජනතාව වෙත හිස් කොපුව විසි කර ඇත. ඉන්දියාව සිරකර තැබූ  චීන විලංගුව ගලවා දමා ඇත. මෙය ඉල්ලන් ..කේ තියා ගැනීමකි . ඉන්දියානුවන් එක ගලින් කුරුල්ලන් දෙදෙනාම බා අවසානය. ඉන්දියානු කාරයා  නැවත වරක් ලංකාවට සත්තම දමමින් දෙමලුන් සමග ගැලරියට ගැසීම් පටන්ගෙන ඇත. රට පාවා දුන් 13 නොව ඊට එහා ගිය බල බෙදීමක් ක්රියාත්මක විය යුතු බව කියන්නේ දිල්ලියේ සිට නොව කොලඹටම පැමිනය. අහෝ. රුහිරය වගුරුවමින් බේරා ගත ආදරනීය මාතෘභූමියට සිරිසේනලා කල විපත. 

මහින්දගේ ෆයිල් ඇදීම් පසුගිය මැතිවරන සමයේ කරලියට ආ ජනප්‍රිය සිදුවීමක් විය. මෙම ෆයිල් ඇදීම්  මෙරට  ප්රතිවාදීන්ට  කෙසේ වෙතත්  ලංකාවට කෙලින්ඩ ආ සුද්දන් නැති කිරීම්ට යොදා ගැනීය.යුධසමයේ ප්රභාකරන් බේරාගැනීමට පැමිනි බ්රිතන්ය විදේශ ඇමති ලියම් ෆොක්ස් ට ගෙදර යාමට සිදුවූයේ මහින්ද විසින් ඔහුගෙ ෆයිල් එකක් ඇදීම නිසාය. මහලේකම් තේරීමේ නිලවරණයේ දී මහින්ද සමග කලගනුදෙනුවක් නිසා  එ.ජා හිටපු මහ ලේකම් බැන්කි මූන් ද  අතකොලුවක් විය. යුද්ධය නිමා කිරීමට මෙම තත්වය මහගු පිටුවහලක් විය. ඇමෙරික්කානු සෙනෙට් මන්ත්රීන් බොහොමයක් ද මහින්ද ඉදිරියේ ඇටිකෙහෙල් කෑ උගුඩුවන් විය.බ්රිතන්ය අගමැති ඩෙවිඩ් කැමරන් ද සිය පදවියට පත්වීමට දැමූ ඩීල් එකක් නිසා හිරවීය. ඔහුගේ ගෝනි සෙල්ලම් පිලිබද ෆයිල් කිහිපයක්ම මහින්ද සතුවිය.  

මහින්දට ආචාර්ය පට්ටම් ,උපාදි, ගෞරවනාම ලැබුනේ  ඔක්ස්ෆෝඩ් , හාවර්ඩ් සෝබෝන් වලින් නොව ගෙන්දගම් පොලොවේ අඩසිය වසක භූ දේශපාලනයෙනි. ඔහු ලංකාව ජගත් දේශපාලන බල සිතියමේ අසමසම් ස්ථානයකට රැගෙන ආවේය. නමුත් ජාතියේ අවසනාවට රට ආපස්සට රැගෙන යන බල මුලු පෙරට ආවේය.හෙලබොදු වෙස් මූන දමාගත් චමිපිකලා, ගවපාලනයේ කෙවිට ගත් සිරිසේනලා රට පාවාදී අවසානය. ජාතියේ මුදුන්මල්කඩ වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොහොත් ජනතාව හා වූ සමුතිය ආරක්ෂා කිරීමට දිවිරුම් දුන් කවරෙකුටවත් ඊට ද්රෝහී විය හැකිද ? බල තන්හාව වෙනුවෙන් ලක්බිම විනාශ කල සුද්දන්, උපන් ගෙයිම  පසමිරු ඉන්දියාව සමග එක්ව සිහසුන පැහැරගත හැකිද ? ජනතාවගේ කැමැත්ත මංකොල්ල කෑ හැකිද ? ජනතාවට අවදීවීමට කාලය පැමින ඇත,  “සිහසුන ඉන්න රටදැය පාවා නොදෙනු , පාවා දෙන එවුන්ගේ මූනට කෙල ගසනු, කසයෙන් තලා හිස පලදා කටු ඔටුනු, ජනයා අභිමුවේ උන් නිරුවත් කරනු”. 

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.