Breaking
9 Apr 2025, Wed

ජාත්‍යන්තර වහලෙකු ජාතිය අමතයි …. අයියෝ සිරිසේන

ජාත්‍යන්තරව වහලෙකු බවට පත්ව සිටින යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජාතිය අමතමින් රටේ ජනතාව වහලුන් බවට අර්ථ දක්වමින් තමන් රනිල්-චන්ද්‍රිකා-TNA සහ ජාත්‍යන්තරයේ වහලෙකු බව ජනතාවට තව තවත් තහවුරු කර සිටියා.

මෛත්‍රීපාලගේ ජාතිය ඇමතිම සහ අද සවස ශ්‍රිලනිපයේ සමාජික හමුව යනුවෙන් නම් කරමින් පිනා චාන්ස් එකකට පොළොන්නරුව ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස පත්වු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බස් රථ යොදා ගනිමින් ගෙන්වු ටොයියන් හමුවේ කල කතාවන් අනුව ඉතා පැහැදිලිව මෛත්‍රීපාල සිරිසේන වහලේකු බව තහවුරු කර සිටියා.

මෛත්‍රීගේ කතාව ඇසු ඔනෑම කෙනෙකුට පැහැදිලි අන් එක කරුණක් තිබේ.එනම් බණ්ඩාරනායක යුගය සහ එජාප යුගයන් ගැන නිරන්තර කථාකල මෛත්‍රී 30 වසරක යුද්ධය අවසන් කළ රාජපක්ෂ කාලසිමාව සහ එම සටනේ ජිවිත පුජාකල කිසිම රණවිරුවෙකු ගැන කතා නොකිරිමට ගුණමකුවෙකු වුයේ සැබැවටම මෛත්‍රී ජාත්‍යන්තර වහලෙකු බව සනාථ කරමිනි.

ලන්ඩනයට ගොස් මහා රැජින ලග තමන්ගේ ගැණිව දෙකට නැමු මෛත්‍රී මහා රැජින අත් මෙස් ගලවා අතට අත දුන් බවත්,කැමරන් දුවගෙන විත් හලේ කී ආකරයත් ගැන රට හමුවේ කිව්වේ තමන්ගේ නොහැකිව ප්‍රදර්ශණය කිරිමට පමණක් නොව තමන් තවමත් විජාතික පගර නැට්ටෙකු බවද සනාථ කරමින්ය.

එක..එකා ඉස්සරහා දෙකට නැමි සියල්ලටම Yes කීම රටවල් අතර සබඳතාවයන් ගොඩ නැගුවා යනුවෙන් මෛත්‍රී සිතන්නේ නම් ඔය ටික කරන්නට මෛත්‍රී ජනපති විය යුතු නැත පසුගියදා අමන කමේ ගොස් පොරෝ පහර කා මිය ගිය වැලි රාජූ ජනපති කරවුයේ නම් මිට වඩා එය සාර්ථකව කරනු ඇත.

ජනපති  ජාතිය අමතමින් ජනතාව හමුවේ කී ටොම් පචයක් තිබේ.ඒ එවකට යන එන මං නැතිව සිටි දකුණේ ජනයා පාවාදුන් මංගල සමරවිර  සහ ඔහුගේ වෙබ් ගෝඩ් ෆාදර්ලා යනුවෙන් තමන් විසින්ම වෙබ් අල පුවත් ගසාගත් මාෆියා කණ්ඩායම රටේ සිවිල් සංවිධාන තුල ගොඩනැගු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දුරකතන ටැප් කරන බවට ඇති කල භීතිකාව මාර පොරක් ලෙස තමන් අවසන් කල බවයි.

-උපුටා ගැන්ම මෛත්‍රී ජාතිය ඇමතිම-

“ජනවාරි 08 වැනිදාට පෙර  සාමාන්‍යයෙන් අපේ ප්‍රාදේශීය සභා මන්ති්‍රවරුන් එක්ක කතා කළහම කෑ ගහනවා කතා කරන්න එපා දුරකතන  ටැප් කරනවා කියා. රාජ්‍ය නිලධාරින් දුරකතනයෙන් නිදහසේ කතා කළේ නැහැ. රටේ සාමාන්‍ය පොදු මහජනතාව නිදහසේ කතා කළේ නැහැ. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ පහළ ශ්‍රේණිවල නිලධාරින් දුරකථනයෙන් නිදහසේ කතා කළේ නැහැ. මේ හැම කෙනෙකුටම අඩුම වශයෙන් දුරකථනයෙන් නිදහසේ කථා කරන්න නිදහසක් තිබුණේ නැහැ. මේ මාස 03 තුළ ඒ නිදහස ශක්තිමත් වෙලා තිබෙනවා.”

උපුටා ගැන්ම අවසන් 

නමුත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව පසුගියදා 360 වැඩසටහනකට එක්වෙමින් වගකිමෙන් යුතුව තහවුරු කර සිටියේ එවන් දුරකතන  ටැප් කිරිමක් කල නොමැති බවත් එය ඉතා අධික පිරිවැයක් හරමින් කල යුතු කරුණක් බවයි.අවම තරමේ මේ දින 100ය තුල කොතැනකවත් දුරකතන  ටැප් කිරිමේ ක්‍රියාවක් ගැන තහවුරු කිරිමට කිසිම දෙයක් සොයාගත නොහැකි වු බව ඉතා පැහැදිලිය.

අවසන් වශයෙන් එක් දෙයක් කිව යුතුය රටේ ජනතාව ගොනාට අන්දන්නට මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා සතුව ඇති ලුණු ගොරකා හොදටම මදි බව යහපාලකයන් දැන ගත යුතුය.

රනිල් පමණක් නොව මෛත්‍රී,චන්ද්‍රිකා සහ ජාත්‍යන්තර පර ගැත්තන් පලවා හැරිම සදහා සදහා දැන් කාලය එලබ තිබේ.දැන් වහාම රට බේරාගත් නායකයානන් මහින්ද රාජපක්ෂ කරළියට පැමිණිමට කාලය හරි බව අවධාරණය කරමු.

~~රණවීර වීරභාහු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.