Political

යහපාලක හංසයා අපිට කොකා පෙන්නුවා – යහපාලනයට කඩේ ගිය අයට වෙච්චි දෙයක්

පසුගිය කාලයේ විදෙස් ගත ශ්‍රී ලංකිකයන්ද එක පොකුරට සිට මහිංද රෙජිමය පරාජය කර හංසයා ලකුනින් පොදු අපේක්ෂකයා දිනවීමට කටයුතු කල බව නොරහසකි . ඒ අතර ඉතාලියේ මිලානේ නගරය තුල ජීවත්වන ලාංකිකයන් ද දැවැන්ත කාර්‍ය බාරයක් ඉටුකල බව මේ ලියුන්කරු මෙන්ම යහපාලකයන් සියලු දෙනා දන්නා කරුනකි. ඔවුන් යහපාලකයන්ගෙන් ආංඩුවේ කොන්ත්‍රාත් ඉල්ලුවේ නැත. වාහන අමාත්‍යාංශ වලට වාහන හෝ වෙනත් පුද්ගල ඉල්ලීම් ඉදිරිපත්කලේ නැත. එසේ කල්පනා කල අයට යහපාලකයන් ඒවා ඉටුකර ඇති බවට තොරතුරු වාර්තාවේ .

 මිලානෝ නගරයේ ජංගම තානාධිපති සේවයක් මාසිකව පවත්වන්නට කියා මිලානො වෙසන ජනයා දීර්ග කාලයක් ලංකා බලධාරීන්ට විවිධ මාර්ග වලින් තම ඉල්ලීම ඉදිරිපත් කර ඇත. එය බීරි අලින්ට විනා වැයීම වැනි කාර්යක්ව ඇත. මිලානෝ ජනයා එසේත් නොමැතිනම් ඒජන්සි කරුවන් රෝම තානාපතිකරුවන් රැගෙන යන පුරවැසි ප්‍රශ්න දවසකට දෙකකට වඩා විසදා දෙන ලෙස යහපාලනය වෙනුවෙන් වෙහෙසුන පුරවැසියන්ට විදේශසේවා අමාත්‍යාංශය හා යහපාලක බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. මෙතෙක් යහපත් කිසිදු ප්‍රතිචාරයක් ආණුඩුවේ බලධාරීන්ගෙන ලැබී නොමැත. එයට හේතුව වෙනත් වාහන හිමියන් කංඩායමක් දිනපතා මිලානේසිට රෝමයට මිනිසුන් ප්‍රවාහනය කරන ව්‍යාපරයක් නිසා බව වාර්තාවේ . 

යහපාලකයන් බලයට ගෙන ඒමට වෙහෙසුන මිලානෝ වැසියකු මේ ලියුම්කරු හා යෙදුනු සංවාදයක ඔහු කියූ කතාවේ සාරාංශය පහත පරිදිය. පාලකයන් අපට කියන්නේ ටිකක් ඉවසන ලෙසය. ලේකම් වරයාට කොයිම වෙලාවේ කතා කලත් ඔහු මීටින් එකක ටිකකින් ගන්න කියනවා. දවසේ කොයිවෙලාවෙ කතාකෙරුවත් කියන්නේ ඒක. මේ මිනිස්සු කන්නෙ බෙන්නෙ නිදියන්න නැතුව හැම වෙලේම මීටින්ද ? මට එක දවසක් එක්තා පුද්ගලයකුට කාතාරකරකොට සුපුරුදු උත්තරය ලැබුනා. ලේකම් තුමා මීටිමක පස්සෙ ගන්න එත කොටම පසුබිමෙන් කාන්තා කටහඩක් ඇහෙනවා ‘ සුදූ තව ටිකක් වෙලා ඉදලා යන්න කියලා . ඉතිං හොරු අල්ලන්න කල්යනවා ඒක හරි , පනත් සම්මත කරන්න කල් යනවා ඒක හරි . නමුත් මිලානො වලට ජංගම සේවයක් කරන්න කල්ගන්නෙ මොකටද ? මේ සම්පූරනයෙන්ම නිළධාරීගෙ හා පාලකයන්ගේ නොසැලකිල්ල . අපි තැනක් හොයල දෙන්නම් කීවා. දැන් දින සීයත් ඉවරයි . 

වෙන කරන්න දෙයක් නෑ යහපාලක හංසයා අපිට කොකා පෙන්නනවාන් අපි කරන්නේ මෙවර අපේ අපේ හයිය අපි පෙන්නන එක. ඒ තමයි යූඑන්පී හෝ මෙමත්‍රීගේ හෝ පක්ෂයට අය අපි වැඩ කරන්නෑ අප ජවිපෙට මේ චන්දෙ වැඩ කරනවා මල්ලී අපි පුද්ගල උදව් ඉල්ලවෙ නෑ එහෙම ඉල්ලපු අයට ඒවා ලැබිල කියලා ආරංචිය. මල්ලි යනුවෙනි . පසුගිය මැතිවරණයේ තමන් උපයාගත් මුදලින් යහපාලනය වෙනුවෙන් මිලානේ නගරයේ රැස්වීම් කීපයක් සංවිධානය කර දිවා රෑ යහපාලනය වෙනුවෙන් වෙහෙසුන මිතුරාගේ කඩහඩේ යහපාලකයන් ගැන තිබුන කලකිරීම මටද දැනිනි. මොකද කරන්නද මල්ලී ජවිපෙට වැඩ කරමු යනුවෙන් මේ ලියුන් කරුගෙන්ද ඇසීය මා ද නිරුත්තරවිය . ජනයාගේ ප්‍රශ්නවලට ඇහුකන් දීමට තරම් නිහතමානී නොවූ මහින්දට හිමි දේශපාලන කුනු කූඩයටම යහපාලකයන්ද ඇද දැමීමට කාලය එලබ ඇති බව ජනයා තීන්දු කරමින් සිටී යහපාලකයන්ට නොතේරෙන තැන එයයි. 


~~ ජයම්පති බුලත් සිංහල~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top