Breaking
6 Feb 2025, Thu

සිරිසේන පතෝලයට කෙල වෙන්නයි යන්නේ -අනාත වුවන්ගේ සංවිධානයක් බිහිවේ

දින සියයේ පහනින් එලිය බලන්නට ගොස් පස්ස බිම ඇනගත් මංගලගේ මඩ බලකායේ ප්‍රධානින් සහ රටම අකමැති එත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අලී අනාථාගාරයේ අනාතව සිටින කණ්ඩයම් සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව මෛත්‍රීට ඉඩදෙන්න නමින් නව සංවිධානයක් පිහිටු විමට සුදානම් අන බව වාර්තා වේ.

රනිල් පිනා විසින් මෙහෙයවන දැනට රූකඩයක් බවට පත්ව ඇති මෛත්‍රීපාල සිරිසේනගේ වැඩ පිළිවෙල ගැන බොහෝ කලබල වී සිටින ඔහුගේ ගෝලයෝ පිරිසක් මේ පතොලයට කෙල වුවහොත් තමන්ගේ අනාගතය ඉවර වන බව වැටහී ළහ ලහියේ සිරිසේනට සහය දෙන්නයි ඉල්ලමින් නව සංවිධානයක් ස්ථාපිත කිරීමට පටන් ගෙන ඇත.

මේ සඳහා ඉදිරිපත් වී සිටින්නේ ජනාධිපති සම්බන්ධීකරන ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක, ගාමිණී දිසානායකට පිම්පි වැඩ කල දැනට සිරිසේනගේ ලිපිකරු ලෙස සිටින පාලිත පැල්පොල , ජාතික රුපවාහිනියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන රවී ජයවර්ධන වැනි කණ්ඩායමකි.

මොවුන් දන්වා සිටින්නේ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරලීම සඳහා ඔහුට සහයදෙන්නයි බලකරමින් මෙම සංවිධානය පිහිටුවන බවය.

අසීමිත බලතල ඇති තනතුරක් ලබා සිටියදී මෙවන් තල්ලුවක් කුමක් සදහා අවශ්‍යද යන්න සමහරු ප්‍රශ්න කර ඇති නමුත් සිරිසේනගේ පතෝල කමට සංවිධානය එකක් නොව දහසක් පිහිටුවත් කිසිම වෙනසක් ඇති නොවන බව UNP පක්ෂයේ පරණ සාමාජිකයෙකු පැවසුවේ හාස්‍යයෙනි .

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.