Breaking
22 Feb 2025, Sat

වෙළේ සුදාගේ ගොලයෝ මෛත්‍රී ආණ්ඩුවේ!

ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාර මේ වන විට හෙලිකර ඇති නම් අතර සිටින ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කරුවන් වැඩි දෙනෙකු වත්මන් මෛත්‍රී පාලනයට එක්ව සිටින බව අනාවරණය වී තිබේ.LNW  ඔත්තු සේවා බුද්ධි අංශ සමග කල අදහස් හුවමාරු වලදි මේ බව අනවරණයි වී තිබේ.අනාවරණ වී ඇති නම් අතර ප්‍රධාන පෙලේ පුද්ගලයා ලෙස සිටිනු දැනට ජිවතුන් අතර නැති භාරත ලක්ෂමණ් ප්‍රේමචන්ද්‍ර වේ.(ඔහුගේ දියණීය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ වනවිට මෛත්‍රී පාලනයේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටි.)

චොදනා එල්ල වි ඇති අය අතර ආණ්ඩුවට සහය නොදක්වන එකම් පුද්ගලයා වනුයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා පමණි.මේ වනවිටත් වෙළේ සුදා සමග මුදල් ගනුදෙනු කළ බවට චෝදනා එල්ලවී ඇති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාදි තිබේ.

ඒ හැරෙන්නට අනෙකුත් ප්‍රධාන ජාවාරම්කරුවන් පිළිබඳව හෙළිකිරිමට හෝ නීතිය ක්‍රියාත්මක කිරිමට මෛත්‍රී රජයට හැකියාව නැති බවයි බුද්ධි අංශ සමාජිකයා LNW ඔත්තු කරුවන්  සමග පවසා ඇත්තේ.(අදාළ කුඩු ජාවාරම්කරුව කවුරුන්ද යන්න LNW ඔත්තු කරුවන් අනාවරණය කරගෙන තිබේ. නම් ලේඛනය ලගදිම් බලාපොරොත්තුවන්න. )

මේ හේතුව නිසා ඉතා ඉක්මනින්ම වෙළේ සුදා ඝාතනයි කර දැමිම සදහා ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවටද තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

මේ අතර ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරට මරණ තර්ජන ඇතැයි තමන්ට තොරතුරු ලැබී ඇති බව ජාතික හෙළ උරුමයේ සභාපති ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්පතිවරයාට ලිපියක් යවමින් අවධාරණය කර තිබේ.

වෙළේ සුදාගෙන් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන ප්‍රශ්න කිරීම්වලදී විවිධ පුද්ගලයින්ගේ නම් හෙළිදරව් වීම හේතුවෙන් ඔහුව ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව තමාට අනාවරණය වී ඇති බවත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් සෝභිත හිමියෝ ඉල්ලා සිටියා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.