Breaking
10 Apr 2025, Thu

වැලේ වැල් නැති ඩිල් කුමාර සන්ධාන වැලේ එල්ලෙන්න යයි- මැතිවරණයට සන්ධානයට කොක්කක් ගැසිමේ සුදානම්ක්

මහා මැතිවරණයේදි එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරග කිරිම සදහා මෛත්‍රීපාල සිරිසේන සමග ජනතා විමුක්ති පෙරමුණේ නායක ඩිල් කුමාර හේවත් අනුර කුමාර දිසානායක සාකච්ඡා කර තිබෙන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

මිට දින දෙකකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසුනු අනුර මෛත්‍රීගෙන් ඉල්ලා ඇත්තේ එක් දිස්ත්‍රික්කයකට දෙදෙනෙකු බැගින් සන්ධාන ලැයිස්තුවට ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයින් ඇතුලත් කිරිමට ඉඩ දෙන ලෙසයි.

නමුත් මෛත්‍රීපාල එයට එකඟ වි නොමැති අතර දිස්ත්‍රික් කිහිපයකට පමණක් සන්ධාන ලැයිස්තුවෙන් තරග කිරිමට ඉඩ ලබාදිමට හැකි බව දන්වා තිබෙන බවද අප වාර්තාකරු අනාවරණය කළා.

මේ අතර අනුර කුමාර දිසානායක සරත් ෆොන්සේකා මහතාවද හමුවි එළඹෙන මැතිවරණයේදි එක්ව තරග කිරිමේ හැකියාවක් ඇද්ද යන්න පිළිබඳව සාකච්ඡා කර තිබේ.එම සාකච්ඡාද කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වි තිබේ.

2004 මහා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරග කල ජවිපෙ ප්‍රථම හා අවසාන වතාවට මන්ත්‍රිධුර 34ක් දිනාගත් අතර පසුව 2010 මහා මැතිවරණයේදි සරත් ෆොන්සේකා බිල්ලට දෙමින් යන්තම් මන්ත්‍රිධුර 4ක් දිනා ගත්තා.

නමුත් වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් ගනිමින් රට බෙදුම්වාදීන්ගේ ග්‍රහණයට නතු කිරිම සහ පක්ෂ නායකත්වය පක්ෂය මෙහෙයවිමට අසමත් විම යන හෙතු නිසා ජාතික මට්ටමේ මැතිවරණයකදි මන්ත්‍රිධුරයක් දිනාගැනිම අසිරු තත්ත්වයක පවතින බව ජවිපෙ ප්‍රභලයන්ම සදහන් කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.