Breaking
24 Feb 2025, Mon

එකම රටයි..එක කොඩියයි…..අත තිබ්බොත් බලාගෙනයි

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතාගේ දඩයම් මන්දිරයේ පත්තිනි අම්මා ගෙන ආ අල්ලස් චොදනාව වහාම හකුලා ගතයුතු බවත් එසේ නොමැති වුවහොත් මරණය තෙක් පාර්ලිමේන්තුව ඉදිරිපිට සටන් කිරිමට තමන් සුදානම් බව විරෝධතායේ යෙදි සිටින දස දහස් සංඛ්‍යාත ජනතාව එක හඩින් පවසන බව අප එහි සිටින විශේෂ වාර්තාකරු පවසනවා.රටේම අධි ආරක්ෂිත කළාප දින සියයක් යන්නට මත්තෙන් අමතකර දැමු යහපාලකයන්ට හදිසියේම අද අධි ආරක්ෂිත කළාප මතක් වි තිබෙන බවයි එහි සිටි ජනතා නියෝජිතයන් පෙන්වා දුන්නේ.

මේ අතර අධි ආරක්ෂිත කලාපයක් වන පාර්ලිමේන්තුව අසළ පෙළපාළි හා උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණයෙන් තහනම් කළ නියෝගය උද්ඝෝෂකයන් හමුවේ අවසන් වරට කියවු අතර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක අලෙවි මව්ලානා මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිව එම තහනම් නියෝගය ලබාගෙන තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 113කගේ අත්සනින් දඩයම් කුමාරියට එරෙහිව යෝජනාවක් කථානායකවරයාට මිට ස්වල්ප වෙලාවවකට පෙර භාරදි තිබේ.

ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ගෙන කටයුතු කරමින් සිටි විපක්ෂ නායක ජනතා බලය හමුවේ අසරණව සිටින බවද අප වාර්තාකරු සදහන් කළා.

අල්ලස් කොමිසම පක්ෂග්‍රාහීව ක්‍රියා කර ඇති පෙනේයැයි ද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැනි පුද්ගලයන් ගැන ක්‍රියා කිරීමේදී පිළිගත් හා වැදගත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි ද, රටට සේවයක් කළ මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට ගෙන්වීම සුදුසු නැතැයි ද, ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු යැයි ද නිමල් සිරිපාලද සිල්වා විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.

(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = “//connect.facebook.net/en_US/sdk.js#xfbml=1&version=v2.3”; fjs.parentNode.insertBefore(js, fjs);}(document, ‘script’, ‘facebook-jssdk’));

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.