Breaking
23 Feb 2025, Sun

දින සියයයි..රට හමාරයි..ටිල්වින් වමාරයි..! කෝ මේ ලප කුමාර ?

අනුර කුමර මල්ලි රනිල් අයියට කඩේ යද්දි පක්ෂ ලේකම් ටිල්වින් සහෝදරයා හදිසියේම නින්දෙන් නැගිටල මෙහෙම කියනවා.

අපොයි  මෙන්න රටේ ආර්ථිකය සම්පූර්නයෙන්ම කඩා වැටිලා.  බඩුමිල ඉහළ යමින් තිබෙනවා. උද්ධමනය වැඩිවෙලා. 2015 මැයි මාසයේ මහබැංකු වාර්තාවට අනුව උද්ධමනය වැඩිවෙලා තිබෙන බව පැහැදිලිව අනාවරණය වෙනවා.

රට ආර්ථිකව පමනක් නෙවෙයි සමාජයීය වශයෙනුත්  බිඳ වැටිලා.

“දින 100 ආණ්ඩුව ක්‍ෂණික සහන වැඩසටහනක් ඉදිරිපත් කළා. දින 100ට වැඩ 100ක් කරනවා කිව්වා.ඒකට අනුව අතුරු අයවැයක් ඉදිරිපත් කළා. දින 100 අවසන් වෙලා සති 06ක පමණ කාලයක් ගතවෙලා තිබුණත් එම පොරොන්දුවලින් කිසිවක් හරියාකාරව  ඉටුවෙලා නැහැ.

‪#‎මෝටර්‬ බයිසිකල් ලබාදීමේ වැඩසටහනින් අසාධාරණයට පත් රාජ්‍ය සේවකයින්ට සහන ලබාදෙනවා කිව්වත් එය ඉටුකළේ නැහැ.

‪#‎විශරාමිකයින්ගේ වැටුප් විෂමතාවය විසඳන තුරු රුපියල් 3500ක දීමනාවක් දෙනවා කිව්වත් එය ලබාදී නැහැ.

‪#‎දරුවෙකු‬ ප්‍රසූත කිරීමට සිටින සෑම මවකටම රුපියල් 20,000ක දීමනාවක් දෙනවා කිව්වත් එය ලබාදී නැහැ.

‪#‎වී‬ කිලෝවක සහතික මිල රුපියල් 50ක් දක්වා ඉහළ දමන බවට පොරොන්දු වුණත් දැනටත් වී කිලෝවක මිල රුපියල් 30කටත් වඩා අඩු අගයකය.

‪#‎අමු‬ තේ දළු කිලෝවක් සඳහා රුපියල් 80-90 අතර මිලක් ලබාදෙනවා කිව්වත් එය ඉටුකර නැහැ.

‪#‎රබර්‬ කිලෝවක් සඳහා රුපියල් 350ක පාලන මිලක් ලබාදෙන්න පොරොන්දු වණත් එය ඉටුකර නැහැ.
‪#‎කිරි‬ ලීටරයක් සඳහා රු. 70ක මිලක් ලබාදෙන බව පොරොන්දු වුණත් එය ලබාදී නැහැ.

‪#‎සියලූම‬ ගොවීන්ගේ ගොවි ණය 50%කින් කපා හැරීමටත් දඩ මුදල් ඉවත් කිරීමටත් යෝජනා කළත් ඒ පොරොන්දුවත් ඉටුකර නැහැ.

‪#‎සෑම‬ ධීවරයෙකුටම දශ ලක්‍ෂයක රක්‍ෂණ ආවරණයක් ලබාදීමට කටයුතු කරනවා කිව්වත් ඒ සඳහා වැඩපිළිවෙළක් නැහැ.

‪#‎ගොවීන්ට‬ වගා හානි සඳහා රක්‍ෂණ ආවරණයක් ලබාදෙන බවට පොරොන්දු වුණත් ලබාදුන්නේ නැහැ.

#සියලූම ගොවීන්ට, ධීවරයින්ට අවිධිමත් රැකියාවල නියුතු අයට විශ්‍රම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන බවට පොරොන්දු වුණත් එය ඉටුකළේ නැහැ.

‪#‎ලක්‬‍ෂ දෙකහමාරකට අඩුවෙන් රන්භාණ්ඩ උකස් කළ අයගෙන් පොලී මුදල් සහ දඩ මුදල් කපාහරින බවට පොරොන්දු වුවත් එය ඉටුකළේ නැහැ.

‪#‎ඒ‬ වගේම අතුරු අයවැයෙන් නිදහස් සෞඛ්‍යට ජාතික ආදායමෙන් 3%ක්ද අධ්‍යාපනය සඳහා 6%ක්ද වෙන් කරන බවට පොරොන්දු වුවත් එය ඉටුකිරීමට පියවර ගෙන නැහැ.

‪#‎වතු‬ ජනතාවට ඉඩම් අයිතිය ලබාදී ජීවත්ව සිටින නිවාසවල අයිතිය තහවුරු කරන බවට පොරොන්දු වුවත් එය ඉටුකළේ නැහැ.

‪#‎හිසට‬ සෙවනක් නැති ජනතාවට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කීවත් ඊට වැඩපිළිවෙළක් නැහැ.

‪#‎පෞද්ගලික‬ අංශයේ සේවකයින්ට රුපියල් 2500 වැටුප් වැඩිවීමක් යෝජනා කළත් ඒ සඳහා කිසිදු නීතියක් සම්මත කර නැහැ.

‪#‎ආබාධිත‬ සොල්දාදුවන් සඳහා ලක්‍ෂ 5ක ණයක් ලබාදෙන බව කිව්වත් එය ලබාදී නැහැ.

‪#‎අතුරු‬ අයවැයෙන් මන්දිර බද්දක් යෝජනා කළාට එය ලබාගැනීමට කටයුතු කර නැහැ.

‪#‎මේ‬ ආකාරයෙන් විශාල පොරොන්දු ප්‍රමාණයක් ලබාදී තිබුණත් එහි ප්‍රධාන දේවල් පවා ඉටුකර නැහැ.
ලස්සන කතා විතරයි.

‪#‎දින‬ 100 යටතේ ඉටුකර තිබෙන්නේ 19 සම්ම කිරීම පමණයි. අනෙක් දේශපාලන පක්ෂ වල  මැදිහත්වීම නොතිබුණා නම් 19 සම්මත වෙන්නෙත් නැහැ.

‪#‎වංචා‬- දූෂණ සිදුකළ පුද්ගලයින්ට දඬුවම් දීමේ ක්‍රියාවලිත් ඇල් මැරිලා. ආණ්ඩුවේ බලධාරින්ගේ වුවමනාවට අනුව එම පරීක්‍ෂණ කල් යනවාද කියලත් සැකයක් තිබෙනවා.

#මේ ආණ්ඩුවෙ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ඉතිහාසයේ සිදුවූ විශාලතම මුල්‍ය  වංචාවක්. ඒ සම්බන්ධයෙන් හොයන්න පත්කළ කමිටුවත් වංචාකාරියි.

#ඒ වගේම මේ ආණ්ඩුව රේගුවට කරන බලපෑම් වැඩිවෙලා. රේගු ප්‍රධානියා පවා ඉල්ල අස්වුනා. 

අද ආණ්ඩුවක් තිබුණට වැඩක් කෙරෙන්නේ නැහැ. බොරුව පමනයි.මේ කියන්නේ අපි නෙමෙයි.  ටිල්වින්.. ටිල්වින්…. ලප කුමාරගේ සගයා. …ජනතා විමුක්ති පෙරමුනේ දෙවනියා.

රතු සහෝදරවරු රනිල්ටයයි මෛත්‍රීටයයි කඩේ යනකොට ඕක වෙනව කියල පෙනුනේම නැද්ද ? එච්චරවත් ඉස්සරහ පෙනෙන්නේ නැතුවද දේශපාලනය කරන්නේ ?

විශේෂ ලියුම්කරු 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.