Breaking
24 Feb 2025, Mon

බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයට!

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්විමට සුදානමක් පවතින බව අප LNW  විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.ජනාධිපතිවරණය අවසන් වි දින කිහිපයක් තුල අමෙරිකාව බලා පිටත්ව ගිය බැසිල් දිවි නැගුම දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති මූල්‍ය වංචා පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා අප්‍රේල් 20 වන දාට පසු දිනෙක දිවයිනට පැමිණෙන බව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔහුගේ නීතීඥවරයා දැනුම් දී තිබේ.

බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂය සමග එකතු කිරිමේ මෙහෙයුම යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයෙකු මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ මුදල් අමාත්‍ය රවි කරුනාණායක විසින් දියත් කරමින් සිටින අතර මේ වන විට පවත්වා ඇති සාකච්ඡා ඉතා සාර්ථික මට්ටමක පවතින බවද අප වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂය සමග එක්වන්නේ නම් ඔහුට එරෙහිව ඇති සියලු චොදනා වලින් නිදහස් කිරිමටත් එජාප රජයේ ඉහල අමාත්‍ය ධුරයක් ලබාදිමටද මෙම් සාකච්ඡා වලදි එකඟතා ඇති කරගෙන තිබේන අතර ඒ සියල්ලටම වඩා රහසිගත එකඟතාවයක්ද තිබෙන බවද අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට අප විශේෂ වාර්තාකරු විසින් අනාවරණය කරගෙන  ඇති අතර ඒ පිළිබඳව තොරතුරු ලගදිම බලාපොරොත්තු වන්න.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.