Breaking
24 Feb 2025, Mon

විග්නේෂ්වරන්,රුවන්ගේ තටු කපයි!

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය  හා මාධ්‍ය හරහා කරන ප්‍රකාශයන් හේතුවෙන් වහාම රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන ඉවත් කිරිම් හෝ ඔහුගේ බලතල කප්පාදු කරන ලෙසට ඊයේ (12) වැනිදා ඉන්දීය ධීවරයින්  පිළිබඳ සාකච්ඡාවක් සදහා යැයි කියමින් පැමිණි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි වී විග්නේෂ්වරන් ජනපතිට ලබාදි ගිය ලිපි අතර විශේෂ ලිපියකි ඉල්ලා තිබුන බව LNW ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.

විග්නේෂ්වරන් ජනපතිට ලිපි 3ක් ලබාදි තිබුනු අතර ඉන් එකකින් ඉල්ලා ඇත්තේ ජනපතිගේ ඉන්දිය සංචාරයට පෙර ශ්‍රි ලංකාව තුල සිටින ඉන්දියානු ධිවරයන් වහාම නිදහස් කිරිමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වු මෛත්‍රී ජනපති රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධනගේ බලතල කප්පාදු කරමින් රුවන් විජේවර්ධනගේ විෂය පනතට අයත්ව තිබු විෂයන් 15 විෂයන් 4ක් දක්වා අඩුකරනු ලැබ තිබේ.

ඊයෙ පැවති සාකච්ඡාව සදහා ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා,ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන  සහභාගි වි සිටියද රුවන්ගේ කිසිදු ප්‍රකාශයක් සම්බන්ධයෙන් විග්නේෂ්වරන් අවධානය යොමු නොකල බවද එහි සිටි LNW ඔත්තුකරුවන් අනාවරණය කළා.

පසුගියදා කිලිනොච්චි ඉරණමඩු ප්‍රදේශයට පැමිණි  ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය

 “”කිසිඳු බලාපොරොත්තුවක් නැහැ ජාතික ආරක්ෂාව කියන රටේ ප්‍රධාන මාතෘකාව නොසළකා හරින්න. අපිට අවශ්‍ය පසුගිය කාලයේ තිබූ අඩුපාඩුකම් නිවැරදි කරලා ජාතික ආරක්ෂාව තව දුරට ත් ශක්තිමත් කරන්න. ඔබේ සේවයට හිමි ගෞරවය ලබා දෙන්න අපි කැප වෙනවා. ආරක්ෂක හමුදාවල වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරන තමන් වෘත්තීය මට්ටමින් දියුණු කරන්න අපි අපේ ප්‍රමුඛතාවය ලබා දෙනවා. පසුගිය කාලයේ නොයෙකුත් වැරදි මත විවිධ ප්‍රදේශවල පැතිරී ගියා. මම ඉල්ලීමක් කරනවා ඒ පිරිස් වලින් ජාතික ආරක්ෂාව කියන ඒ සංවේදී විෂය සමග අවස්ථාවාදී දේශපාලනය කරන්න එපා කියලා. අපි රජයක් විසින් උතුරේ හෝ නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනතාවගේ වගේම අනෙකුත් ජනතාවගේ ආරක්ෂාවට සථාපිත වූ කර තිබෙන කඳවුරු ඉවත් කරන්නේ නැහැ කියලා තමුන්නාන්සේලාට පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ කිසිඳු සූදානමක් නැහැ ආරක්ෂක හමුදා භට පිරිස් ප්‍රමාණය අඩු කරන්න. බටහිර රටවල් සමග ගොඩනගන නව සම්බන්ධතා හේතුවෙන් ඉදිරියේදී අපේ රටේ ආරක්ෂක හමුදා එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා සමග එක් වීමට වැඩි ඉඩකඩක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම් සිදු කරන්නට බලාපොරොත්තුවක් තිබෙන බව ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරන්නට කැමතියි.””

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.