Breaking
23 Feb 2025, Sun

ත්‍රස්තවාදය වැලැක්වී‍මේ පනත අහෝසි කිරිමේ සුදානමක්!

ත්‍රස්තවාදය වැලැක්වී‍මේ පනත අහෝසි කිරිමේ සුදානමක් පවතින බව  LNW ආරක්ෂක විශේෂඥ වාර්තාකරු අනාවරණය කර සිටි.උතුරේ ස්වයං පාලන එකකයක් පිහිටුවිමෙදි   ජාත්‍යන්තරව ගණුදෙනු කිරිමේදි ත්‍රස්තවාදය වැලැක්වී‍මේ පනත බාධාවක් විය හැකි බව දෙමළ ඩයස්පොරාව පෙන්වා දිමත් සමග TNA රජයෙන් ඉල්ලා ඇත්තේ එම පනත අහොසී කරන ලෙසයි. 

ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළ . අපරාධ ක්‍රියා හේතුවෙන් පීඩාවට පත්වූවන් සහ සාක්‍ෂිකරුවන් සඳහා වන සහයෝගය සහ ආරක්‍ෂාව පිළිබඳ පනත හරහා ත්‍රස්තවාදය වැලැක්වී‍මේ පනත අහෝසි කරන ලෙසට රජයෙන් ඉල්ලා තිබේ.

එහිදී කතාවක් කල පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සදහන් කළේ අභ්‍යන්තර ගැටුම අවසන් වී වසර 6ක් ගතවී ඇතත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි නොකිරීම සම්බන්ධයෙන් කණගාටු වන බවත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කලයුතු අවශ්‍යතාවයත් ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.