Breaking
24 Feb 2025, Mon

නාවින්න යනකොට රතිඤ්ඤා පත්තු කලේ දයාසිරිගේ රියදුරු – කුරුණෑගල අළු යට ගිනි

දින කිහිපයකට ඉහත දී හිටපු අමාත්‍ය එස්. බි නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට එකතුවුණි. එහිදී නාවින්න මහතා තමාගේ පක්ෂ මාරුව වන විටදී  රතිඤ්ඤා පත්තු කිරීමට භාරදී තිබුනේ තමාගේ දේශපාලන ජීවිතයේ තමන් වෙනුවෙන් දිවි පුදන්නට වුනත් සැරසෙන නිකවැරටියේ සුනිල් ශාන්ත නම් කුක්කාටය. කුක්කා වර්ථමාන ප්‍රධාන අමාත්‍ය දයාසිරිගේ මාධ්‍ය ඒකකයේ රියදුරු තැන වේ. 

කෙසේ වෙතත් දයාසිරි නොදැනුවත්වම මොහු නාවින්නගේ ගිනි පත්තු කිරීමට ගොස් ඇති බව වයඹ පළාත් සභාවේ රියදුරෙක්ම දයාසිරිට අනාවරණය කර තිබේ. දයාසිරි පවසා ඇත්තේ තව ටික දවසයි යනුවෙනි.

වයඹ පළාත්සභා මන්ත්‍රී අසංක නවරත්න මහතා තමාගේ ඡන්ද ව්‍යාපාරයේ පෝස්ටර් වලට දැමීමට වදන් සොයා ඒ මේ ඇත දුවමින් සිටින බව වාර්තා වුනා.  මොහු මහජන පක්ෂය හරහා මහින්ද සමග ඡන්දයට මුහුණ දීමට සැරසේ . අසංක නවරත්න මහතා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සමග ඉතා සමීප මිතුදමක් පවත්වන බවට  රාවයක් ගොස් තිබුණි . කෙසේ හෝ හිරුනිකගේ විවාහ මංගල්‍යයට අසංකට ආරාධනා නොකිරීම හේතුවෙන් ඔහු දැඩි කනස්සල්ලෙන් පසුවෙන බව දැනගන්නට ලැබුනා.

දයාසිරි පන්සල්වලට යන විට ඔහුගේ ආගමික කටයුතු සම්බන්ධ ලේකම්වරයෙකු දයාසිරිට කලින් පන්සලට ගොස් තමා  මහ ඇමතිගේ රස පරීක්ෂක බව පවසා දයාසිරිට වෙන්කර ඇති කෑම රස බලන බව කුරුණෑගල ඇත්කඳ විහාරයේ වැඩකරනා ඇබිත්තයෙකුගෙන් දැනගන්නට ලැබුනා.

එජාප මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා තමාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා නැකත් සෑදීමට ගොස් ඇත්තේ කුරුණෑගල අස්වැද්දුම ප්‍රදේශයේ සිටිනා කේ. ඒ .යු සරත්චන්ද්‍ර මහතා ළඟටය. සරත්චන්ද්‍ර මහතා අශෝක් මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ මෙවර ඡන්දයෙන් ඔහුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පළමු තැනට ගෙනෙන බවය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හදිසියේම කුරුණෑගල දියදහර හෝටලයට පැමිණ ඇත. එහිදී ඔහුව දුටු පිරිසක් ඇමතිතුමා දැන් සායම් මකා ගන්න වෑයම් කරනවද මේ දවස්වල යනුවෙන් අසා ඇත. නිහතමානී සිනහවක් ඔවුන්ට පෑ ජොන්ස්ටන් මන්ත්‍රීවරයා ඉස්සරහට අපි මුළු කුරුණෑගලම සායම් කරනවා යැයි පවසා ඇත.

ගල්ගමුවේ තාරනාත් බස්නායක හදිසියේම ජනාධිපතිතුමා හමුවට යන්නට ගොස් ඇත. උදේ රැයින් ගල්ගමුවෙන් පිටත්වූ ඔහු වරියපොලට ලඟා වනවිටදී තමාගේ පියාගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඔහේ නෙමෙයි ටී බී ලගේ ගෙදර යනවා අද මහින්ද සර් එනවලු විශේෂ සාකච්ඡාවකට යනුවෙනි . වහාම තම වාහනය හරවාගත් තාරා ටී බී  ඒකනායක මන්ත්‍රීවරයාගේ ගෙදරට පියාඹන්න විය.

අජන්ත පෙරේරා ලියන කුරුණෑගල අළු යට ගිනි

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.