Breaking
23 Jan 2025, Thu

අගමැති කමට කෙල හලමින් සිටින නිමල් සිරිපාලලාට අවශ්‍ය වි ඇත්තේ කෙසේ හෝ ජාතික ආණ්ඩුව යන මුක්කුව ගසා ගනිමින් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දේශපාලනයෙන් ඉවත් කොට අගමැති විමට බව කොළඹ පදනම් ආයතනයේ අද (5) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ රැස්වීම අවසානයේ LNW විශේෂ වාර්තාකරු ධම්මික ප්‍රසාද් අමතමින් කියා සිටියා.

ජාතික ආණ්ඩු සංකල්පයට තමා තරයේ විරුද්ධ බවත් සන්ධානය ශක්තිමත්ව මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවත්  හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සදහන් කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල කණ්ඩායම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවට කප්පාදු කර පවත්වා ගැනීමටත් ඡන්ද ක්‍රමය සංශෝධනය කළ යුතුම බව පෙන්වා තමන්ට අගමැති කම  ලබාගැනිම දක්වා  දින සියය තවදුරටත් ඇදගෙන යෑමටත් කුමන්ත්‍රණය කරමින් සිටින බවට හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු සදහන් කර තිබේ.

“නිමල් සිරිපාලලා මේ විදියේ ගුණමකුවෝ කියලා දන්නවානම් කිසිම දවසක අපි එකට වැඩ කරන්නේ නෑ…..”හෙට නුවර පැවැත්වෙන රැළිය සම්බන්ධයෙන්ද ඔහු ප්‍රකාශයක් කළා…..

“ආපහු දෙකක් නෑ..අපි යනවා…මෛත්‍රීපාලගේ යහපාලනයට අපිව නතර කරන්න බෑ……”

“අද සිද්ධ වුනේ ජාතික ආණ්ඩුවක් සඳහා තීරණය ගැනීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් එහි සභාපතිවරයාට, ලේකම්වරයාට සහ ජාතික සංවිධායකවරයා යන පල් හොරු තුන්දෙනාට පවරා ගැනිම පමණයි….” 

“58 ලක්ෂය ඡන්දෙ දුන්නේ ශ්‍රී ලංකා එකටද මහින්ද රාජපක්ෂ නමටද කියන එක නොබෝ දිනකින් වැටහේවි. ….මේ ජන ගග නතර කරන්න ඔය බලහත්කාරකම් වලින් බැහැ. යු එන්  පි එකට බලයට එන්න පාර කපන කොන්ත්‍රාත්තුව ඉටු කරන පක්ෂ සභාපතිත්වයේ අන පිලි පැදලා හැමදාම විපක්ෂයේ ඉන්නවද නැත්නම් මහින්ද මහත්තයත් එක්ක ගිහින් ගිලිහුණු බලය නැවත ලබා ගන්නවද කියන තීරණය හෙට අනිද්දට ගන්න සිදු වෙනවා….”

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.