Breaking
23 Feb 2025, Sun

බල්ලට ගිය රටක බල්ලෙකුගේ උඩු බිරුම

මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නාමයෝජනා ලබාදීමට එකඟවීම ඔහුව ජනපති කිරීමට ඡන්දය දුන් 62ලක්ෂයක් ජනතාව අඩි 6ක් පොළොවෙන් යටට යැවීමට ගත් සාපරාධී පාවාදීමක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසුරිය දැන් නලියමින් සිටි.යහපාලනය සාදන මුවාවෙන් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වල මුදල් වලින් සුරසැප විදින විජේසුරියලාට හෙට අනිද්දාට යන එන මං නැති වන බව අමුතුවෙන් කියා දිය යුතු නැත.

මහාචාර්ය සරත් විජේසූරිය, රෝසි සේනානායක අනුව යමින් මෙරට ස්ත්‍රී දූෂණ වැඩි නිසා, මහින්ද පැරදවිය යුතු බවත් සිරිසේන මහතා බලයට පත් කර ස්ත්‍රී දූෂණ වළකා ගත හැකි බවත් හැඟවෙන පරිදි රූප පෙට්ටියේ දෙසුමක් දෙසා කාන්තාවන්ගේ හුචක්කුව ගැනද මහා උජාරුවට කි කතා ඇතැම් විට එසේ කී බව ඔහුට මතක නැතිවී තිබෙන්නට පුළුවනි. අමතක වන්නේ දුමින්ද සිල්වාලාට පමණක් නොවේ.

සරත් විජේසූරියගේ පැටිකිරිය දැන ගන්නට ඔනෑ නම් කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ඉගෙනුම ගැහැණු ළමයින්ගෙන් අසා දැනගත හැක.විශ්ව විද්‍යාලයේ සිසුවියන්ට නවකතා ලියා දෙන්නට වෙහෙසෙන සරත් අවසානයට එම නවකතාව තමන්ගේ ලිංගික සන්තර්පනයෙන් අවසන් කර ගන්නා බව අවශ්‍යනම් සාක්ෂි සහිතව හෙලිකල හැක.නමුත් කාලයක් කාගෙත් ගෞරවයට පාත්‍රවු මහාචාර්යවරයෙකුට ඒ තරම් අපහස කරන්නට අපට අවශ්‍ය නැත.

නැවත වරක් රූප පෙට්ටියට පැමිණෙන මහාචාර්ය විජේසුරිය, රාජපක්ෂ රෙජීමය තුළ  එකෙක් එක් ස්ත්‍රියක් දූෂණය කරද්දී, මේ මෛත්‍රී යුගය තුළ නව දෙනෙක් එක්ව එක් ස්ත්‍රියක් දූෂණය කරන නිසා ස්ත්‍රී දූෂණ 9:1 අනුපාතයකින් අඩුවී ඇතැයි කිවහොත් අපි පුදුම නොවෙමු. බුද්ධිමතුන්ගේ ආලාපාළු සංඛ්‍යා හරඹ මේ ආකාරයට නොදෙවෙනිය. ඒවා බැති සිතින් වැළඳගෙන රැවටීමට ලක්වන උගත් බුද්ධිමත් ජනතාවක් අප අතර  සිටිති.

මේ සරත් විජේසූරිය ඔහුගේ පාඨකයෙකු තැබු සටහනකි 

සරත් විජේසූරියට මායිම් ගම්මාන ගැන මතක ඇතියි සිතමි.හද්ද පිටිසර රජරටින් බිහිවුණ විශ්ව විද්‍යාල ඇදුරෙක් ලෙස මොහුගෙන මට ගෞරවයක් තියෙනවා. රජරට සිරිසේන සමග දේශපාලන නෑගම් යාම ගැන මට විශාල වික්ෂිප්තභාවයක් ද නැත.මට තිබෙන කණගාටුව මෙතුමාම දැඩිලෙස පිලිකුල්කල දේශපාලන මඩගොහොරුවේ උපුල් ශාන්ත සන්නස්ගල වෙන්නන් සමග එකට හෙළුවෙන් සිටීම ගැනයි. එතුමාගේ මායිම මෙතුමටම පෑගිලා වෙන්න ඇති.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය දවසක් කී කතාවකි මේ 

අද අපේ සමාජයේ මිනිස්සු කියන දේවල් ඇත්තක් වෙලා තිබෙනවා. ඒ ‍පොලිසිය කරන්නේ බලුවැඩ කියන එක. පසුගිය දවස්වල බල්ලෝ කසාද බැන්දුවා. ඉතින් රාජකාරිය විදිහට ‍පොලිසියට කරන්න වෙන්නෙ බලු වැඩ තමයි. මේ බල්ලෝ මධුසමය ගත කරන්නත් යවලා. හැබැයි කසාද බැඳපු බැල්ලි හැරෙන්න වෙන බැල්ලියෙක් එක්ක ගියොත් ‍පොලිසියට ආයෙත් පුරුදු රාජකාරියම කරන්න වෙනවා. මේවා එක අතකට ‍පොලිසියේ වැරදි නමෛයි. අධ්‍යාපන වරප්‍රසාදයෙන් පිබිදිලා ඉහළට ගිය සිවිල් නිලධාරීන්ගේ වැරදි. අපි ඉන්නෙ බල්ලට ගිය රටක කියන එක මේ දේවල්වලින් ඉතා හොඳට පෙන්නුම් කරනවා.

අවාසනාවට මහාචාර්ය වරුන්ටත් බල්ලන් කවුරුන්ද යන්න තෙරුම් ගැනිමට නොහැකි විම ගැන අපට ඇත්තේ කනගාටුවක් සහ පසුතැවිල්ලකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ සිසුවියක විසිනී 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.