Breaking
24 Feb 2025, Mon

මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා කුමන්ත්‍රණය කක්කුස්සි කටා හෙලිකරයි

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය තබා නාමයෝජනාවත් ලබා දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මෛත්‍රී-මහින්ද සමගි කරවීමට පත් කළ කමිටුවට  දැනුම් දුන් බව කක්කුස්සි කටා හෙවත් ඇමැති රාජිත සේනාරත්න මහතා අද මාධ්‍ය හමුවේ පවසා තිබේ.

එම කමිටු සාමාජිකයන් ජනාධිපති හමු වූ අවස්ථාවේ කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මේ බව පැවසූ බව ද ඒ අනුව එම කමිටුව අක්‍රීය තත්ත්වයට පත් වන බව ද රාජිත සේනාරත්න කියා සිටියේ මහා හපන්කමක් කල අයෙකු මෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුකම සංධානයේ ජයග්‍රහණය බැවින් ඉදිරියේ දී පක්ෂයේ නායකයන් අතර සුහදතාවය වර්ධනය කර කටයුතු කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා රැස්වු ඊනියා ශ්‍රීලනිප නියෝජිත හමුවේදී තීරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ හෝ ඔහු වට ගොඩනැගි සිටින රටේ බහුතර සිංහල බෞද්ධයන් මෛත්‍රීගෙන් හෝ යහපලනයෙන් මහින්දට අපෙක්ෂකත්වය ඉල්ලා සිටියේ නැත.මහින්ද ඉල්ලා සිටියේද නැත දැන් මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා-කක්කුස්සි කටා එක්ව ක්‍රියාත්මක කිරිමට ගිය කුමන්ත්‍රණය පැය 24ක් යන්නට කලින් අනාවරණය වි හමාරය.

තවමත් මෛත්‍රී පස්සේ යන ශ්‍රි ලනිපයේ අතලොස්සක තරමේ ලපයි සිපයියන්ට දැන් තිරණය ගැනිමට කාලය එළඹි තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.