Political

රට කෑ හොර අලි පන්නමු!

යු ඇන් පී ආන්ඩුව චන්දිකාගේ 2004-2005 රජය මෙන්ම කිසිදු වැඩක් කරන්නට අසමත් 2005-2014 කාලයේ සිදුවූ වේගවත් සංවර්ධනය සම්පූර්ණයෙන්ම අඩාල කොට රට ආපස්සට ගෙන යන මැට්ටන් පිරිසකගෙන් සමන්විත බව තේරුම් ගන්නටනම් ඇමති පදවි ලැබුවාට පසු යු ඇන් පී කෙරුමන් එකිනෙකාගේ ක්‍රියා කලාපය දෙස මදක් විමසා බැලිය යුතුය. මොවුන් බලයට ආවේ දින100 කින් මහා විප්ලවයක් කරන්නට පොරොන්දු වී බවද මෙහිදී හොඳින් මතක තබා ගත යුතුය. මේ වන විට දින 100 හමාර වී බොහෝ කල්ය.

මුදල් ඇමති වූ රවි කරුණානායක ජන්දය පමනක් ඉලක්ක කරගෙන ඉතිහාසයේ ඔලමොට්ටලම අය වැය ඉදිරිපත් කලේය. වැය මිස අය නැති මේ  සූර සරදියෙල් අයවැය ඉදිරිපත් කල දා සිට මේ රටෙ ආර්ථිකය සීඝ්‍රයෙන් කඩා වැටෙමින් පවතින බව පහුගියදා ලෝක බැංකුව පවා පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රවි කරුණානයකගේ ආර්ථික සැලසුම් පිලිගත නොහැකි ළඳ බොළඳ බව එවා පෙන්වාදී රජයට මුල්‍යාදාර දීම ප්‍රතික්ෂේප් කලේය. අද රජය දුවන්නේ දිගට හරහට රට තුලින්ම ණය ගනිමින් හා සංවර්ධනයට වෙන් කර තිබූ මුදල් එදිනෙදා පරිහරනයට ගනිමිනි. මේ අතර උපන්ගෙය් හොරෙකු වන රවි සිය හාම්පුතා රනිල් හා ගජමිතුරු අර්ජුන මහෙන්ද්‍රන් සමඟ එක්වී ලංකා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාව වන මහබැංකු හොරකම පෙබරවාරි 27 දින සිදු කලේය. මෙයින් බිලියන 13 ක ලාබයක් ඉපදවුන් අතර ඉන් බිලියන් 6.5ක් එක්සත් ජාතික පක්ෂ ගිනුමට බර වූයෙ මූලිකවම පහුගිය ජනාධිපතිවරණයේ වියදම් පියවීමටය. ඉතුරු බිලියන් 6.5 හොරු රැල අතර බෙදී ගියේය.

නිවාස හා සමෘද්ධි ඇමති වූ සජිත් ප්‍රෙමදාස සුපුරුදු ලෙස යටිගිරියෙන් මොරදුන්නේ දින 100යෙන් ගෙවල් 50,000 ක් හදනවා කියාය. අද අන්වීක්ෂකයකින් බලලාවත් හදපු එක ගෙයක් හොයාගන්නට නැත. කරන එකම දෙය නම් රට පුරා සිටින සමෘද්ධි ලාබීන්ගේ තැන්පතු මුදල් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තම ආධාර කරුවන් අතර දිගට හරහට බෙදා දෙමින් මහ චන්දයට සූදානම් වීම පමනි.

ආචාර්‍ය හර්ෂ් ඩි සිල්වා විපක්ෂ්යේ ඉඳගෙන දාපු සද්දවලට අපි හිතුවේ හොඳ වැඩ කාරයෙකු කියාය. ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති වුනාට පසු දින 100ක් අතුරුදහන් වී සිටියෙය, අමාත්‍යන්ශයේ වැඩ කරන නිලධාරින්ගෙන් පෞද්ගලිකව  ඇසූ විට ඔවුන් කියන්නේ මූ අන්තිම හරකෙක් මෙලෝ වැඩක් බෑ කියලාය. ඔහු යටතේ තිබෙන කොටස් වෙළඳ පොල සම්පුර්නයෙන්ම කඩා වැටුනි.   දින 100 අවසන් වූ පසු හදිසියේ මාද්‍ය සාකච්චාවකින් මතුවූ සිල්වා ජාත්‍යන්තර ශ්‍රේනිගතකිරීම ආයතනයක් වන ෆිච් ආයතනය ලංකාවේ ආර්ථිකය ගැන හොඳ වාර්තාවක් දී ඇතැය් කය්වාරු ගැසුවේය.  ආචාර්ය හර්ෂ ඩි සිල්ව කතා කරන්නේ මුඛයෙන්ද නැත්නම්  අධෝ මුඛයෙන්දැය් අසන්නට අපට සිදුවන්නේ මේ කතා අහන විටය. ෆිච් ආයතනය වාර්තාවක් ඉදිරිපත් කරන්නෙ මුලිකවම පසුගිය වසරේ ආර්ථික කලමණාකරන දෙස බලා රජය ඒ ආකාරයටම දක්ෂ ලෙස ආර්තිකය කලමණාකරන කරනු ඇතැය් උපකල්පනය කරමිනි. ඒ නිසා ඔවුන් ලබා දුන්  වාර්ථාවේ සමස්ථ ගෞරවය හිමිවිය යුත්තේ පසුගිය රජයටය්.කිසිදු විලි ලැජ්ජාවක් නොමැතිව අනුන්ගේ වැඩවල ගෞරවය ගන්නා  ( පින්නවල එලිමහන් සත්තු වත්ත හා මහින්දෝදය පසැල් හොඳ උදාහරනය) යහපාලන රජයෙ ඇමතිවරයෙකුගෙන් වෙන යමක් බලාපොරොත්තු විය නොහැකි වුවද ෆිච් ආයතනය ගැන කතා කරන්නට පෞද්ගලිකව ආචාර්ය සිල්වාට කිසිදු සදාචාරත්මක අය්තියක් නැත. ඒ වසර ගනනාවක් තිස්සේ ෆිච් ආයතනයපසුගිය රජයේ ආර්තික කලමණාකරනය පස්සද්දී ජාත්‍යන්තර ශ්‍රේනිගතකිරීම ආයතන කියන දෙවල් පිලිගන්නට බෑ යැය් දිගින් දිගටම කෑ මොර ගැසුවේ මේ යෝදයා නිසාය.

යූ ඇන් පී පක්ෂ සබාපති මහාමාර්ග ඇමති කබීර් හෂීම් දින 100 ට කල එකම කාරිය නම් සියලු මහා මාර්ග සංවර්ධන කටයුතු නවතා දැමිමය. මේ නිසා රට පුරා ඉදිකිරීම කර්මාන්තයට සම්බන්ධව සිටි ව්‍යාපාර රාශියක් අනතුරේ වැටුන අතර ලක්ෂ 1 1/2 නොවැඩි පිරිසකට රැකියා අහිමි විය. මීට අමතරව මුදල් ඇමති රවි හා එක්ව කලින් ඉවර කර තිබූ වැඩ වලට භාන්ඩාගාරයෙන් මුදල් නිදහස් කිරීමට එම මුදල් ලැබිය යුතු ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලන කතාවකුත් අපට අසන්නට ලැබේ.

මහින්දගේ කාලයේ වේගයෙන් දියුනුවුන වරාය අමාත්‍යංශය බාරගත් අර්ජුන රණතුංග කලකට පෙර  ක්‍රිකට් පාලක මන්ඩලයේ අසාර්ථකම සබාපති ලෙස තමුන්ට කලමණාකරනයනම් කිසිසේත් නොතේරෙන විශයක් බව පෙන්නුවාසේම නව අමාත්‍යංශය අනමින් සිටිය්.   එහි සියලු සංවර්ධන කටයුතු අඩාල වී අද්දයම පහත වැටී ඇත. ඔහුගේ අමාත්‍යංශයට අදාලව පමනක් මේ වන විට ලක්ෂයකට අධික පිරිසකට රැකියා අහිමිව ඇත.

දූෂණයට වන්චාවට එරෙහිව එදා මොර ගැසූ සුජීව සේනසිංහ  පසුගිය කාලයේ වැදියෙන ප්‍රසිද්ද වුයේ දූෂණයට හා වන්චාවටය. රුපියල් මිලියන සියයක රේගූ බදු වංචාවක්‌ හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින පුද්ගලික සමාගමකට අයත් තඹ කන්ටේනර් දෙකක්‌  නිදහස් කරගැනීමට අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා මැදිහත්වූ ආකරය අප්‍රේල් මාසයේ රටම දැන ගත්තේය.   ඊට මාසයකට පෙර කඩුවෙල කොරතොට ගමේ ජනතාවට අහිතකර ලෙස පවත්වාගෙන ගොස් උසාවි නියොගයකින් නවතා තැබූ ගල් මෝලක් බලහත්කාරයෙන් නැවත පටන් ගැනීමට අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා මැදිහත්වී තිබෙන බව ස්වර්ණවාහිනිය දින තුනක් තිස්සේ සවිස්තරත්මකව ප්‍රචාරය කලද රනිල් වික්‍රමසිංහ විසින් මාධ්‍ය ආයතනයට තර්ජනය කිරීමෙන් පසු සිද්දිය යට ගියේය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී රුපියල් ලක්ෂ 17ක් වටින මුද්දක් නැති කරගත් විපක්ෂ මන්ත්‍රිවරයා ඒ මුදල හම්බකල හැටි  නොකීවොත් ඔහු හොරෙක්යැය් රනිල් වික්‍රමසිංහ කිවේය.සති කිහිපයකට පෙර මේ කියන රනිල්ම  ඉන්දියාවේ ගුරුවායුර්හි  ශ්‍රී ක්‍රිෂ්නා දෙවාලයේ යාගයක් කොට තමුන් බරට පූජා කල  ලෝකයේ ඉස්තරම්ම සඳුන් වල  වියදම රුපියල් ලක්ෂ් 44කි.

කවදාවත් හරිහමන් රස්සාවක් නොකරපු වික්‍රමසිංහ මේ පුදන්නේ කොහෙන් ආපු සල්ලිදැය් මහජනතාවට  කියනවාද ? පහුගියදා මහබැන්කු ලොක්කා  බිලියන් 13ක් කොල්ලකෑවේ  තනිවම නොවේන බව අපි දනිමු.  ඉන් බාගයක් පක්ෂයටද ඉතුරු බාගය රනිල් ප්‍රමුක මලික් රවි මහෙන්ද්‍රන් කල්ලිය බෙදාගත් බවද ජනතාව දනිති. හොරකමට ඍජුව සම්බන්ධ වූ මහෙන්ද්‍රන්ගේ බෑනා අර්ජුන ඇලෝසියස් පහුගිය කාලයේ වැඩි කාලයක් ගෙව්වේ රනිල්ගේ කාර්‍යාලයේ බවද දන්නෝ දනිති,   ක්‍රිෂ්නා දෙවිඳුට කීවේ ඒ හොරකම වහන්නද ? අගමැති කම පික් පොකට් ගහපුදා සිට රනිල් වික්කරමසිංහගේ කාලය ගෙවුනේ තම සතුරන් හිරේ දමන ක්‍රම සොයන්නට හා ව්‍යවස්ථා සංශෝදන හරහා තව තවත් බලය පික් පොකට් ගහන ක්‍රම හොයන්නට මිස රට සංවර්දනය කරන හැටි හොයන්නට නොවේ.

ජනවාරි 9 දායින් පසු ලංකාවට අද වන තුරු එකම විදේශ ආයෝජකයෙකුවත් පය ගසා නැත. කොටස් වෙළද පොල මිල දර්ෂකය ජනවාරි 8 දා තිබුන මට්ටමට වඩා බොහෝ සෙයින් පහල වැටී ඇත. විලපත්තු රක්ෂිතයේ මුස්ලිම් ජනාවාස සීඝ්‍රයෙන් ඉදිවෙමින් පවතී. උතුරේ හමුදා කඳවුරු වලට අයත්ව තිබූ ඉඩම් ටී ඇන් ඒ සමාජිකයන්ට බෙදා දුන්නේ උත්සවද පවත්වාය. දෙලක්ෂ පනස්දහසකට වැඩි පිරිසකට පසුගිය මාස 4 තුල රැකියා අහිමි විය. 2025 වන විට සිංගපුරුව මට්ටමට එන බලාපොරොත්තුවෙන් සීඝ්‍ර සංවර්ධන ගමනක යෙදුනු ශ්‍රි ලංකාවෙ එම ගමන අත් හිටුවා නැවතත් සුද්දන්ට දත නියවන  හිඟන රටක් බවට පත් කිරීමේ කාරිය යූ ඇන් පී රජය සාර්ථකව ඉටු කරමින් සිටී.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top