Breaking
23 Feb 2025, Sun

වෙනම පරිපාලන ඒකකය දෙන්න මෛත්‍රී පොරොන්දු වුනා -හකීම්

වෙනම පරිපාලන ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් තම යෝජනා ජනාධිපතිවරයාට ඉදිරිපත් කල බවත් නිසි වේලාව පැමිණෙන විටදී එය ඉටුකිරිමට ජනපති මෛත්‍රී තමන්ට පොරොන්දු වු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ නායක රවුෆ් හකීම් දමිළ මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.

නැගෙනහිර පළාතෙහි වෙනම පරිපාලන ඒකකයක් ලබාගැනීමේ සටන තමන් වසර ගණනාවක සිට කරගෙන ආ බවත් පසුගිය රාජපක්ෂ රජයේ වසර 5ක කාලයක් තමන්ට එය කරගැනිමට මහින්ද රාජපක්ෂ ඉඩ නොදුන් බවද ඔහු පවසා තිබේ.

අදාළ පරිපාලන ඒකකය නිර්ණය කිරිමේදි භාෂාමය වශයෙන් ජනතාව තම එදිනෙදා කටයුතු සිදුකරගන්නා අන්දමින් සිමා නිර්ණය කිරීම කළ යුතු බවත් තින්දු ගැනිමේ හැකියාව එම පරිපාලන එකකයේ ප්‍රධානියා සතුවිය යූතු බවද ඔහු සදහන් කර තිබේ.

“ජනතාව තම අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යාම වෙනුවට ප්‍රාදේශීය වශයෙන් ඒවා ඉටුකරගැනීමට අවස්ථාවක් තිබිය යුතුය. ඒ හේතුවෙන් නව පරිපාලන ඒකකය පිහිටුවිය යුතුය යන ඉල්ලීම අඛණ්ඩවම ඉදිරිපත් කරනු ඇති බවත් ජනාධිපතිවරයා අවශ්‍ය අවස්ථාවේදී එය පිහිටුවීමට ක්‍රියාමාර්ග ගනු ඇති බවත් රවුෆ් හකීම් සදහන් කර තිබේ.”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.