Breaking
24 Feb 2025, Mon

හිවලෙකුට නොදෙවෙනි මෛත්‍රී ගැටයට හසු නොවෙමු-ජයග්‍රහණය තෙක් අරගල කරමු!(Video)

මෛත්‍රීපාල සිරිසේන තරම් කපටියෙකු කැලෑවේ සිටින නරින් අතරින් හෝ සොයා ගැනිම අපහසු බව ඇතැමුන්ට අමතක වෙමින් තිබුනද අපට අමතක නොවන්නේ අප මිනිසාගේ භාවිතාව පිළිබඳව කල්පනාකාරීව කටයුතු කරන නිසාවෙනි.ඊටත් වඩා චන්ද්‍රිකා-රනිල් සහ ඇතැම් ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරීන්ගේ වහලකු ලෙස කටයුතු කරන මෛත්‍රී මේ දිනවල නටන්නට යන නාධගම ගැන අප ගෙවුනු දින කිහිපය තුල අනාවරණය කළා.

මහින්ද නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනන්න බෑ! ශ්‍රීලනිප ජේෂ්ඨයින් පවසද්දී සිරිසේන ජනාධිපතිවරයාට පිළිගැනීමට සිදුවෙයි…… එය හෘදයාංගමව සිදුවූවක්නම් පසුවී හෝ වරද නිවැරදි කර ගැනීමට උත්සහ කිරීම ඉතා වැදගත්ය. එහෙත් සිරිසේනව විශ්වාස කිරීමට ඔබ සුදානම්ද?

ශ‍්‍රිලනිප ප‍්‍රබලයන් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ “කැමති වුණත් නැතත් ඇත්ත තත්වය නම් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිවරයා නැතිව ඉදිරි මැතිවරණය කිසිසේත්ම ජයග‍්‍රහනය කළ නොහැකි බවයි”.

මේ නිසා එන මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ශ‍්‍රීලනිප අයිතියත් රැගෙන තමන්ටද ඔහු සමඟ යන්නට සිදුවන බවද මෙම පිරිස අවධාරණය කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් පක්ෂයේ වර්තමාන නායකයා වුවද ඔහු ජනාධිපති බවට පත් වූයේ ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් නොවේ. නිදහස් පාක්ෂිකයින් සියලුම දෙනා ඔහුව ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප කළෝය. පාක්ෂිකයින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා සමගයි.

සිරිසේන ජනාධිපතිවරයා තරම් බේගල් ඇද දැමු තවත් ජනාධිපතිවරයෙක් අප රට පාලනය කළේ නැත.

1. ජනපතිවරණ සමයේදී හෙලිකොප්ටර් චෝදනාව වැනි බොහෝ චෝදනා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ආවේය. එයාර්පෝට් වැසීම ගැන කිව්වත් පසුව එය එතුමාම ප්‍රතික්ෂේප කර ගත්තේය.

2. තම දෙමාපියන් එක්සත් ජාතික පාක්ෂිකයින් බවත්, තමන් කිසිම පක්ෂයකට කඩේ යන්නේ නැති බවත් පැවසුවේය.

3. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත හැර ගොස් එහි ප්‍රතිවිරුද්ධ පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය.

4. ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ විරුද්ධවාදියා වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතායි.

5. ශ්‍රීලනිප ය කඩාගෙන ගොස් එජාපය ප්‍රමුඛ විරුද්ධවාදී බලවේග වලින් ඡන්දය ඉල්ලා පසුව නැවතත් තමන්ට එරෙහිව ඡන්දය දුන් ජනතාවට අයත් පක්ෂයේ නායකත්වයට පත් විය.

එබැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති අපේක්ෂකත්වය ලැබීම හිතන තරම් පහසු නැත.එනිසා සිරිසේන මහතාගේ වදන් වලින් සතුටුව තාවකාලික සතුටක් ලැබීමට අප සුදානම් නැත. සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සියල්ල දියෙහි ඇඇඳි ඉරක් බවට පත්වූ මොහොතක ප්‍රායෝගිකවම ඔප්පු කර පෙන්වන තුරු කිසිවක් පිළිගැනීමට අප සුදානම් නැත.

කළ යුත්තේ කුමක්ද?

දැන් ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයාගේ වාරයයි. ඔහුට ඇත්ත්තටම ශ්‍රීලනිප ය ගැන ආදරයක් තිබේනම් මහින්ද නැති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කඩා වැටීම තේරුම් ගනිමින් ප්‍රයෝගිකවම මහින්ද රාජපක්ෂ මැතිතුමන් සම්බන්ධ කොට ගනිමින් රටෙත් පක්ෂයේත් අනාගතයට උර දීමට ඔහු ක්‍රියා කළ යුතුය.

එතෙක් සිරිසේන ජනාධිපතිවරයා විශ්වාස කොට අපගේ ගමන නවතා දැමීමට අප සුදානම් නොවිය යුතුය. සුළු සුළු රැවටීම් වලින් නොරැවටී මාතෘ භුමියේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ අරගලය නොනවත්වාම ඉදිරියට රැගෙන යා යුතුය.

යම් යම් කණ්ඩායම් වලින් වැරදි මතයක් සමාජ ගත කිරීමට උත්සාහ ගත්තත් ඊට අප හසු නොවිය යුතුය.

තවත් එඩි ගෙන මහින්ද සමග රට දිනවන පෙළගැස්මට ශක්තිය දෙන්නට පෙළ ගැසෙමු. රොද බඳිමු. ජයග්‍රහණය තෙක් අරගල කරමු! ජයග්‍රහණයෙන් පසු ජය සමරමු! මෙය අරගලයක අවසානය නොව ආරම්භය සනිටුහන් කිරීමකි.

අපගේ අරමුණ සහ ඒකායන බලාපොරොත්තුව වන්නේ ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැති කිරීමයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.