Breaking
24 Feb 2025, Mon

ඩීල් මේජර් අනුරගේ ජහාපාලක ආයුධ සන්නද්ධ කල්ලිය!

ඊයේ 19 රාත‍්‍රී පන්නිපිටිය, දෙපානම, පිහිටි  පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ, ජී.එච්. අජිත් කුමාර නිල කාර්යාලයට ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් යැයි පවසාගත් තිදෙනෙකු හා පොලිස් නිල ඇඳුමින් සැරසුණු පස්දෙනෙකු බලහත්කාරයෙන් ඇතුළු වී කුමාර් ගුණරත්නම් සොයා ප්‍රශ්ණ කල නිළධාරින් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් නිකුත් කර ඇති පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසා ඇත්තේ අදාල සිදුවීමට පොලිසියේ කිසිදු පොලිස් නිලධාරියෙකුගේ සම්බන්ධයක් නොමැති බවයි. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ මෙම ප‍්‍රකාශය සිදු කරන්නේ වගකීම් සහගතව නම් එයින් අදහස් වන්නේ පොලිස් නිල ඇඳුමින් සැරසුණු ආයුධ සන්නද්ධ කල්ලියක් ක‍්‍රියාත්මක වන බවයි.ඒ අනුව තව නොබෝ දිනකින් නාදුනන තුවක්කුකරුවන්ද රට පුරා ඝාතනයන් සදහා සුදානම් වන බව දැන් ඉතා පැහැදිලිය.පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ ප‍්‍රකාශය සත්‍යයක් නම් එය ඉතා බරපතල කරුණක් වන අතර, වහාම ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් බවත්වා හෙළිදරවු කර ගත යුතුය. එසේ නොවුනහොත් පසුගිය ජනාධිපතිවරණ කාලයේ සහ මේ මොහොතේ වර්තමාන පාලකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටින බවට ප‍්‍රකාශ කරමින් සිටින තත්වයක් තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන මා හට මෙවැනි තත්වයකට මුහුණ දීමට සිදු වන්නේ නම්  පසුගිය ආණ්ඩු සමයේදී මෙන්ම වර්තමාන පාලකයන්ගේ බලය යටතේ ද රටේ සාමාන්‍ය ජනතාවට අත්වන ඉරණම පිළිබඳ ඉතා පැහැදිළිය.

මේ අතර ඊයේ කුමාර් ගුණරත්නම් සොයා අජිත් කුමාරගේ  නිල කාර්යාලයට ගිය පිරිස අරලියගහ මන්දිරයේ සිට රනිල්ගේ ඔනෑ එපාකම් වෙනුවෙන් පෙනිසිටින ජනතා විමුක්ති පෙරමුණේ ඩීල් කුමාර හේවත් අනුර කුමාර දිසානායකගේ මෙහෙයුමක් බව LNW ඔත්තු සේවා අනාවරණය කරගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබුනු වහාම ඔබට ඉදිරිපත් කිරිමට අප සුදානම්!

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.