Breaking
23 Feb 2025, Sun

මෛත්‍රී-මහින්ද රහසිගත හමුවේ මොකද වුනේ

තමන්ට ඉදිරි වසර 5ක කාලය ජනාධිපති ධුරයේ කටයුතු කරගෙන යැමට අවශ්‍ය සහය තමන්ට ලබාදෙන ලෙස පසුගිය 25 වැනිදා රහසිගතව සිදුවු මෛත්‍රී-මහින්ද සාකච්ඡාවෙදි ජනපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.රනිල් වික්‍රමසිංහ යටතේ තමන් නිකම්ම නිකම් ජනපති කෙනෙක් බවට පත්ව ඇති බවත් රනිල් රටේ අගමැති වුවහොත් අනිවාර්යෙන් තමන් දෝෂාභියෝගයක් හරහා තමන් ඉවත් කිරිමට මාන බලමින් සිටින බවද මෛත්‍රී පවසා තිබේ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර නොගෙනම පාර්ලිමේන්තුව තමන්ට විසුරුවාලීමටසිදුවන බවත් ඊට ප්‍රධානම හේතුව වන්නේ කෝප් අතුරු වාර්තාව බවත් එය පාර්ලිමේන්තුවට ගෙන ආවේ නම් රනිල් වික්‍රමසිංහ,රවි කරුණානායක සහ අර්ජුන් මහේන්ද්‍ර නිසැකවම වැරදිකරුවන් වන බවත් මෛත්‍රී පෙන්වා දි තිබේ.
ඊළඟ ආණ්ඩුවක් තුලදි රනිල්,රවි සහ අර්ජුන් ඇතුලු එජාප ආණ්ඩුවේ දින 160ක කාලය තුල සිදුකල දැ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන ලෙසද මෛත්‍රී මහින්දගෙන් ඉල්ලා තිබේ.නමුත් මහින්ද රජපක්ෂ එම ඉල්ලිම ප්‍රතිකේෂ්ප කර ඇති  අතර මට හොරා …හොරා කියමින් රටේ ජනතාවගේ මුදල් කොල්ල කෑ අයට නිතියෙන් දඩුවම් අනිවාර්යයෙන් ලැබෙන බව පවසා තිබේ.
මේ අතර දෙදෙනා අතර මංගල සමරවිර පැවැත්විමට යන ඩයස්පොරා නාඩගම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති අතර එහිදි මෛත්‍රීපාල පවසා ඇත්තේ මංගල කරන දෙවල් ගැන තමන්ගේද කැමත්තක් නැති නමුත් මංගල සියල්ල කරන්නේ චන්ද්‍රිකාට අවශ්‍ය පරිදි බවයි මෛත්‍රී සදහන් කර ඇත්තේ.
හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා වෙන වෙනම ඡන්ද සටන මෙහෙයවමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් තම නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා එකඟ වී  ඇති අතර මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් සෑදිම සම්බන්ධයෙන් මෛත්‍රී සිය අදහස් පලකර තිබේන අතර මහින්ද එයට සිය අකමැත්ත පලකර තිබේ. ජාතික හෝ වෙනත් කවර ආකරයේ හෝ ආණ්ඩුවක් අනවශ්‍ය බවත් ආසන 130ක් ඉක්මවු විශිෂ්ට ජයක් සන්ධානයට ලබාගත හැකි බව මහින්ද එහිදි පෙන්වා දි තිබේ.
මේ අතර මෛත්‍රී-මහින්ද සාකච්ඡාවේදි ඇති වී තිබෙන විශේෂ එකඟතාවයක් වන්නේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් නොකිරීම සහ ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ හෝ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරීමටය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.