Breaking
24 Feb 2025, Mon

මෛත්‍රී,මහින්ද හමුවන්නේ රනිල් වික්‍රමසිංහ ‘”ගෙදර යැවීමටයි”

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර හමුවක් සිදු වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ ‘ගෙදර යැවීමට’ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

මෙම හමුව කොන්දේසි විරහිතව සිදු වන්නක් බවත් එය කිසිවෙකුට නතර කළ නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා බීබීසීයට කියා සිටියේය.

‘මේකට බාධා කරන්න එක්සත් ජාතික පක්ෂය සහ ඔවුන්ට කඩේ යන මාධ්‍යවේදීන් ඉන්නවා. නමුත් ඒ කිසිවෙකුට මේක නවත්වන්න බැහැ. මේක පක්‍ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක්. 19 වැනි සංශෝධනය ගේනකොට යුඑන්පියට කඩේ යන එවුන් හිතාගෙන හිටියේ අපේ පක්ෂය කැඩෙයි කියල. මේක කොන්දේසි විරහිත සාකච්ඡාවක්. එක කොන්දේසියයි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීම.’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා පැවසීය.

ඉදිරි මැතිවරණයේදී ශ්‍රීලනිපයේ අගමැති ධූර අපේක්ෂකත්වය මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට ලබා දීමේ අරමුණ පදනම් කර ගෙන මෙම හමුව පැවැත් වෙන්නේදැ’යි බීබීසීය කළ විමසුමට පිළිතුරු දෙමින් නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ මේ මොහොතේ සියළුම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ‘ගෙදර යැවීම’ බවයි.

පවතින ක්‍රමය යටතේ ම ඉදිරි මැතිවරණය පැවැත්වීමට පැවැත් වීමට බොහෝ ඉඩකඩ ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසද්දී ඊට ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරන්නේ යෝජිත නව මැතිවරණ ක්‍රමය සම්මත වීමෙන් අනතුරුව වහාම එය ක්‍රියාවට නැංවිය යුතු බවයි.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා බීබීසීයට කියා සිටියේ ‘එක්සත් ජාතික පක්ෂයට දින සියයකින් කළ නොහැකි වූ දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැය සියයකින් කර පෙන්වූ’ බවයි.

‘මේ මැතිවරණ ක්‍රමයෙන් මොනවද ගේන අස්වනු? හැම පක්ෂයම ගේන අස්වනු තමයි කුඩු කාරයෝ, බුකි කාරයෝ. මේ හැම පක්ෂයකම නාම යෝජනා මණ්ඩලය අහන්නේ මොනවද? අධ්‍යාපන සුදුසුකම්ද? ජනතාවට කළ සේවයද? නැහැ. අහන්නේ, සල්ලි තියෙනවද දිස්ත්‍රික්කය පුරා දුවන්න. සල්ලි කාරයා තමයි එන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අතේ පත්තු ඕන නැහැ. කරුණා කරලා මැතිවරණ ක්‍රමය වෙනස් කරලා අපි ඡන්දෙකට යමු.’ ඔහු පැවසීය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.