Breaking
12 Apr 2025, Sat

අයියෝ පින්සිරි, අයියෝ සෝමේ මෙන්න අහගනිල්ලා -කුමන්ත්‍රණකාරයන් තොපිමයි

ජනවාරි 8 වැනිදා බෙදුම්වාදීන්ගේ ඡන්දයෙන් යන්තම් රටේ ජනාධිපති බවට පත්වු හොරිකඩ සිරිසේන සහ අගමැති පුටුවේ ඉදගත් පිං අගමැති කෙසේ හෝ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව තුල අප්‍රසාදයට පත්කිරිම සදහා 9 වැනිදා අලුයම අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණයක් සිදුවු බවට රටපුරාම කතාවක් පතුරුවා හැරියේ රනිල්ගේ කොලු සංගමයේ ප්‍රධානියා වන පින්සිරි මංගල හරහාය.

සාමාන්‍යයෙන් පින්සිරිගේ ගොබෙල්ස්කරනය හැමොටම සාර්ථක ලෙස ක්‍රියාත්මක වුවද මහින්දට එරෙහිව පින්සිරිගේ එම මෙහෙයුම අසාර්ථකවුයේ පින්සිරි යනු තවදුරටත් කල් ඉකුත්වු බඩුවක් බව තහවුරු කරමින්.

ඊට පස්සේ යන එන මං නැතිව අනුර කුමාර කෝටි ගණන් මුදල් තනියම භුක්ති විදිම හේතුවෙන් දොට්ට බැස්ස ජවිපේ කියන් පරිදි ඔල්මොරන්දම් කාරයෙකු වන සෝමවංශ අමරසිංහ 9 වැනිදා කුමන්ත්‍රණය කරේ තියාගෙන යන්නට උත්සහ ගත්තද් හදිසියකට 10ක් වත් එකතුකර ගැනිමට නොහැකි බව තෙරුම් ගත් සෝමේ අයියා දැන්නම් කුමන්ත්‍රණය ගැන වැඩි කතා බහක් නෑ. 

“ඡන්ද ප්‍රතිඵල වලින් පරාජය හිමිවන බව දැන ගැනීමෙන් පසු 9දා අළුයම 1ට නීතිපතිවරයා, පොලිස්පතිවරයා හා හමුදාපතිවරයා අරලියගහ මැදුරට ගෙන්වා ඡන්ද ගැනීම නතර කර හමුදා කුමන්ත්‍රණයකින් බලය ලබා ගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ කළා”-පින්සිරි  මංගල සමරවීර 

අට වැනිදා ඡන්දෙ තිබ්බා. නව වැනිදා අලූයම එක වෙනකොට මේ රටේ ප‍්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වුණා. ඡන්දෙකට පස්සේ කවදාවත් නැතිව අලූයම 1-4 දක්වා. ඡන්ද ගණන්කිරීම අත්හිටුවුණා. ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශය අත්හිටුවුණා එතකොට ඒ වෙන දේවල් හංගන්න බෑ මේ තාක්ෂණික වශයෙන් දියුණු ලෝකේ. ඒ ඒ තැන්වල සිද්ධවෙන දේවල් එක සැණකින් ලෝකෙටම එළිවුණා. ඒ වගේම ඊට ටික වෙලාවකට පස්සේ ජනතාවගේ ඡන්දෙන් තෝරාපත්කරගත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කරනවා, ‘මාව මරන්න ඉන්නවා, මගේ පවුලේ අය මරන්න ඉන්නවා කියලා. එහෙම කියන අවස්ථාවේ වෙන කවුරු නිශ්ශබ්දව හිටියත් ජනතා විමුක්ති පෙරමුණට ඉන්න බෑ.- වැලේ වැල් නැති සෝමේ අයියා 

පසුගිය ජනවාරි මස 08 වැනි දා ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වෙද්දී බලය රැක ගැනීම සඳහා කුමන්ත‍්‍රණයක් සිදු වූ කතා සම්පුර්ණ අසත්‍ය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා නිහතමානී ලෙස බලය හැරදා ගිය බවත් එවකට හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා පසුගියදා අනාවරණය කළා.

ජනවාරි 08 වනදා කිසිදු කුමන්ත‍්‍රණයක් වුනේ නෑ මහින්ද මහතා ඉතා නිහතමානීව බලය බාර දී ගියා

සිරස රුපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යුධ ජයග‍්‍රහණයේ වැඩි ගෞරවය හා අයිතිය ඇත්තේ ඊට නායකත්වය දුන් දේශපාලන නායකත්වයට බවත්, ඊට දායක වූ යුධ, ගුවන්, නාවුක ත‍්‍රිවිධ හමුදාවටම එහි ගෞරවයට හිමි බවයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.