Featured

Blue Mountain හොරු අලුත් වටයකින් වංචාව අරඹයි

ජනතාව ගොනාට අන්දන සක්විති ගණයේ මුල්‍ය ආයතනයක් වන Blue Mountain Properties යලිත් විවිධ උපක්‍රම භාවිතා කරමින් ජනතා මුදල් කොල්ල කෑම සදහා සුදානම් වන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties හා එහි අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරන විනීෂ් අතුකෝරාලගේ වංචනික ක්‍රියාවන් හෙලිකිරිමත් සමග තවත් සක්විති ගණයේ ආයතනයක් බිහිවිමේ අනතුරට යම් විලංගුවක් වැටි ඇති බව Blue Mountain ආයෝජකයන් මෙන්ම ඔහුන්ගෙන් ඉඩම් ලබාගත් කිහිප දෙනෙකුම අපට දන්වා තිබේ.

කෙසේවෙතත් වංචනික ක්‍රියාවන් අප විසින් හෙලිකිරිමෙන් පසුව Blue Mountain Properties සමුහ ව්‍යාපාරය පෞද්ගලික නාලිකා රැසක සිය ආයතනය සම්බන්ධයෙන් වෙළඳ දැන්විම් ප්‍රචාරය කිරිමට පටන් ගෙන් තිබේ. එම වෙළඳ දැන්විම් හරහා ඔහුන් අවධාරණය කර සිටිනුයේ තම ස්මාගම සතුව බිලියන 10ක මුදල් තැන්පතුවක් ඇති බවයි.ඒ හරහා ඔහුන් උත්සහ කරනුයේ තම සමාගම සතුව විශාල තැන්පතුවක් ඇති බව පෙන්වමින් ජනතාව ගොනාට අන්දවා ඔහුන්ගේ සල්ලි කොල්ල කැමටය.

එකම ඉඩම බැංකු 3-4කට උගසට තමන වංචනීක Blue Mountain කාරයන් සතුව බිලියන් 10ක් තියා මිලියනයකවත් නිශ්චිත තැන්පතුවක් නැති බව බැංකුවලට තබා ඇති පොලුවල ප්‍රමාණයෙන් ලෙසියෙන්ම තෙරුම් ගත හැක.අප අවස්ථා ගණනාවකදි ඒ සම්බන්ධයෙන් හෙලිදරවු කර තිබේ.(වත්කම් පිලිබද හෙළිදරව්ව ලගදිම)

ජනතාවගේ මුදල් කොටි ගණනින් වංචාකර ඇති ආකාරය හෙළිදරවු කිරිමත් අදාළ සමාගම සල්ලි හුරාගත් අයෝජකයන් කල පැමිණිලිත් සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරික්ෂණ ඇරඹීමත් සමග ජනතා මුදල් කොල්ල කැමට ආරම්භ කර තිබු නිවාස සංකිර්ණ කිහිපයක වැඩ ආරම්භ කිරිමට Blue Mountain හොරු රැල කටයුතු යොදා තිබේ.

Blue Mountain Properties හොරු ගැන කල අනාවරණයන් 

Blue Mountain සභාපතිගේ කැරැට්ටුව මාට්ටු

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties

Blue Mountain වංචනීක තැන්පතු අල්ලන්න මෙහෙයුමක්

ජනතා මුදල් ගසාකන Blue Mountain වංචා සොයන්න පොලිස් විමර්ශන!

Top