Breaking
11 Feb 2026, Wed

චීන මාධ්‍ය සමූහයේ චීන-ප්‍රංශ ආහාර සංස්කෘතික හුවමාරු වැඩසටහන ඇරඹේ

චීන මාධ්‍ය සමූහයේ “චීන-ප්‍රංශ සූපවේදීන්ගේ තරඟය” නමැති දැවැන්ත චීන-ප්‍රංශ ආහාර සංස්කෘතික හුවමාරු වැඩසටහන ඇරඹේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීම නිමිත්තෙන්, අද(30) එම වැඩසටහන චීන මාධ්‍ය සමූහය සහ චීනයේ ප්‍රංශ තානාපති කාර්යාලය විසින් ඒකාබද්ධව ආරම්භ කර ඇත.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong, චීනයේ ප්‍රංශ තානාපති Bertrand Lortholary සහ චීන ලලිත කලාගාරයේ අධ්‍යක්ෂ Wu Weishan යන මහත්වරු එක්ව පොදුවේ එම වැඩසටහන එළි දැක්වීමේ උත්සවයට සහභාගි වූහ.

මෑත වසරවල චීන මාධ්‍ය සමූහය ප්‍රංශයේ විවිධ කෂේත්‍රවල මිතුරන් සමඟ ඵලදායී සහයෝගිතා මාලාවක් පවත්වා දෙරටේ සංස්කෘතික හුවමාරු අඛණ්ඩව පුළුල් කොට තිබෙන බව Shen Haixiong මහතා එම උත්සවය අමතමින් පැවසීය. මෙම වැඩසටහන චීනයේ සහ ප්‍රංශයේ සම්ප්‍රදායන් හා සංස්කෘතික දැනුම නිරූපනය කරන අතර, දෙපාර්ශ්වයේ අධ්‍යාත්මික සම්බන්ධතාව සහ චිත්තවේගීය බැඳීම ප්‍රවර්ධනය කරන බව ද හෙතෙම එහිදී සඳහන් කළේය.