ලෝකයා

ඇමරිකාව අයුතු ලෙස නිෂේධ බලය භාවිත කිරීම වගකීම් පැහැර හැරීමක් බව චීනය පවසයි

පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධ අවස්ථාවලදී ඇමරිකාව වරින් වර සිය නිෂේධ බලය අයුතු ලෙස භාවිත කිරීම ප්‍රධාන රටක් ලෙසට පැවරි ඇති වගකීම් පැහැර හැරීමක් බව චීනය පවසනවා

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව පැවසුවේ නිෂේධ බලය භාවිත කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ(01) පැවැත්වූ රැස්වීමක් අමතමිනි.

 

ඇමරිකාව යුක්ති සහගත ස්ථාවරත්වයක සිටිමින් ගාසා තීරයේ පවතින ගැටුම් නැවැත්වීමටත් ව්‍යසනය සමනය කිරීමටත් සිය කාර්යභාරය ඉටු කළ යුතු බව හෙතෙම කියාසිටියා. විවිධ පාර්ශ්වයන් සමඟ එක්ව පලස්තීන ගැටළුව සදාචාරත්මක, සාධාරණ අයුරින් විසඳීමටත්, පලස්තීනයේ හා ඊශ්‍රායලයේ යහපැවැත්මට මෙන්ම මැදපෙරදිග ප්‍රදේශයේ තිරසර සාමය වෙනුවෙන් ද කටයුතු කිරීමට චීනය සූදානම් බව ද Fu Cong මහතා එහිදී සඳහන් කර තිබෙනවා

Top