ලෝකයා

ජාත්‍යන්තර කම්කරු දින නිවාඩු සමයේ පළමුවැනිදා චීනයේ දුම්රිය මගී සංචාර මිලියන 20 ඉක්මවයි

ඊයේ(1) ජාත්‍යන්තර කම්කරු දින නිවාඩු සමයේ පළමුවැනිදා, රට පුරා දුම්රිය මගී සංචාර වාර ගණන ලක්ෂ 206 ඉක්මවා ගොස් ඇති බව සංඛ්‍යාලේඛනවලින් තහවුරු කෙරේ. එය එක් දිනක් තුළ නව ඓතිහාසික වාර්තාවකි. අද(2), චීන දුම්රිය මගීන් මිලියන 17 ක් රැගෙන යාමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා අතිරේක මගී දුම්රිය 1094 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ජාත්‍යන්තර කම්කරු දින නිවාඩු සමය තුළ මගී ප්‍රවාහන ඉල්ලුම සහ දුම්රිය මගී ප්‍රවාහය ඉහළ මට්ටමක පවතී. විවිධ ප්‍රදේශවල දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රාදේශීය ප්‍රවාහන හා සංස්කෘතික සංචාරක දෙපාර්තමේන්තු සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් දුම්රිය ආහාර සැපයීම, ප්‍රවාහන සම්බන්ධතා සහ සංචාරක උපදේශන යනාදී සේවාවන් ප්‍රශස්ත කොට විවිධ දුම්රිය ක්‍රියාකාරකම් සංවිධාන කර ඇත.

Top